කිරිපිටි මිල වෙනස්වෙයි

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝවක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රු. 150කින්ද, ග්‍රෑම් 400 පැකැට්ටුවක මිල රු. 60කින් පහළ දැමීමට ද නියමිතය.