Connect with us

පුවත්

ගෑස් මිල රුපියල් 400කින් පහලට!

Published

on

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම මිල සංශෝධනය හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

වෙළෙඳපොළේ මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 3,638කි.

පුවත්

බැසිල් යළි රනිල් හමුවෙයි

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් හමුවක් සිදුව තිබේ.

පොදුජන පෙරමුණ සඳහන් කළේ, එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි.

බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිතිපතිවරයා අතර මීට පෙර සාකච්ඡා 3ක් පවත්වා ඇති අතර එහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දෙදෙනා අතර අදහස් හුවමාරු විය.

Continue Reading

පුවත්

අංගොඩ ලොක්කාගේ අවි හරක් කටා පන්නලා!

Published

on

By

අංගොඩ ලොක්කා මරණයට පත්වූ පසුව තැන් තැන්වල තිබූ අලුත්ම ගිනි අවි 25 ක් හා කෝටි ගණනක දේපළ පාතාල නායක හරක් කටාගේ පාර්ශ්වය අතට පත්වී ඇතැයි විමර්ශන කණ්ඩායම් අනාවරණය කර ගෙන ඇත.

අංගොඩ ලොක්කාගේ පාර්ශ්වය වෙත පාකිස්තාන් කුඩු ජාලයෙන් ලැබී තිබූ හෙරොයින් තොග සමග මෙම පිස්තෝල එවා ඇතැයි හෙළිවී තිබේ.

අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මරණයට පත්වූ පසුව අංගොඩ ලොක්කා ජීවතුන් අතර සිටින බව ඒත්තු ගැන්වීමට ඔහුගේ ළඟම ක්‍රියාකාරීන් වෙත එස්.එම්.එස් පණිවිඩ යවා ලොක්කාගේ කල්ලියේ තිබූ ආයුධ, මත්ද්‍රව්‍ය හා මුදල් රැගෙන ගොස් ඇතැයි ද මේ වන විට හෙළිවී ඇත.

මෙතෙක් කරන ලද විමර්ශනවලදී අංගොඩ ලොක්කාගේ කල්ලියෙන් පැන්නූ අවි ආයුධ සොයා ගැනීමට අපොහොසත්වී ඇතැයි අරුණට අනාවරණය විය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

ලංකාවේ සිට ඉන්දියාවට පිහිනූ සිටි පුද්ගලයෙකු මරුට

Published

on

By

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු අද (23) හෘදයාබාධයකින් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි ගෝපාල් රාඕ නැමති ඉන්දීය ජාතිකයෙකු වන අතර, ඔහු කර්නාටක ප්‍රාන්තයේ වැසියෙකි.

31 දෙනෙකුගෙන් සමන්විත පිහිණුම් කණ්ඩායමක් මෙම සහය පිහිනුම් ඉසව්ව සඳහා බෝට්ටුවෙන් මෙරටට පැමිණ ඇති අතර, අද අලුයම ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව දක්වා පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඔවුන් පිහිනීම අරඹා තිබුණි. තරගය මධ්‍යයේදී රාඕ මහතා සංවිධායකයින් වෙත දැනුම්දී ඇත්තේ තමන් ශ්වසන අපහසුතාවයකින් පසුවන බවයි.

පිහිනුම්කරුවන් සමග ගමන් කරමින් තිබූ බෝට්ටුවට ඔහුව වහාම නංවාගෙන තිබුණද, ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා පසුව පවසා තිබුණේ රාඕ මහතා මියගොස් ඇති බවයි.

මේ සමග, පිහිනුම් ඉසව්ව අවලංගු කළ එහි සංවිධායකයන්, පිහිනුම්කරුවන්ව යළිත් බෝට්ටුවට නංවාගෙන  ඉන්දීයාව වෙත ගොස් තිබේ.

(මූලාශ්‍රය : ද හින්දු)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved