Connect with us

පුවත්

බඩු 10ක් සතොස අඩුකරයි!

Published

on

ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල අඩු කර ඇති අතර මෙම මිල පහත හෙලීම අද(24) දින සිට ක්‍රියාත්මක වන බව සතොස ආයතනය නිවේදනය කළේය.

වියළි මිරිස් 1kg – රු: 1,380
සුදු ළුණු 1kg – රු: 450
හාල්මැස්සෝ 1kg – රු: 1,100
කඩල 1kg – රු: 555
සම්බා සහල් (දේශීය) 1kg – රු: 199
ටින් මාළු 425g – රු: 520
ලොකු ළුණු 1kg – රු: 119
අර්තාපල් අල (දේශීය) 1kg – රු: 270
සුදු සීනි 1kg – රු: 210
වටානා 1kg – රු: 298

පුවත්

කෙහෙළිය ඇතුළු 9ක් යළිත් රිමාන්ඩ්

Published

on

By

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 09 දෙනා අප්‍රේල් මස 08දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

Continue Reading

පුවත්

ග්‍රෑන්ඩ්පාස් ටයර් කඩේක ගින්නක්

Published

on

By

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇත.

මේ හේතුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිරිපිට වේල්ස්කුමාර මාවත දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

Continue Reading

පුවත්

උද්දික ප්‍රේමරත්න යළිත් දිවයිනට

Published

on

By

ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ.

ඔවුන් එමිරේට්ස් ගුවන් සමගමට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇත.

මීට සති කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වූ ප්‍රේමරත්න මහතා, කැනඩාව බලා පිටව යාමත් සමග දැඩි කතාබහට ලක්වූ අතර, තමා කැනඩාවේ දේශපාලන සරණාගතභාවය සඳහා ඉල්ලීම් කර ඇතැයි පළවූ වාර්තා ඔහු විසින් එය තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved