Connect with us

පුවත්

රටේ ගෑස් හිඟ වීමට ඉඩ තියන්නේ නෑ – ලිට්‍රෝ සභාපති

Published

on

රට තුළ ගෑස් හිඟයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

පසුගිය ඔක්තෝබර් සහ සැප්තැම්බර් මාසවල ගෑස් මිලදී ගැනීමේ විශාල අඩුවක් නිරීක්ෂණය වූ බවත්, පසුගිය මාසවලට සාපේක්ෂව ඊට වඩා වැඩි සැපයුම් ධාරිතාවකින් එළඹෙන උත්සව සමයේ සිට ඉදිරි නව වසරට ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Continue Reading

පුවත්

විභාග ප්‍රතිඵල නිකුත් වේ

Published

on

By

අද (19) දින ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බදවා ගැනීම සදහා පසුගිය වසරේ පැවති සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවිය.

විභාගය සමත් වු අයදුම්කරුවන් 735 දෙනෙකුගේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ  https://www.doenets.lk වෙබ් අඩවියට ඇතුලත් කර ඇති බව පැවසේ.

මේ අතරින් ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම් ලැබූ පිරිස අධ්‍යාපන පරිපාලන සේවයට බදවාගැනීමට නියමිතය.

Continue Reading

පුවත්

තෙල් මිල ඉහළට?

Published

on

By

දිනෙන් දින වර්ධනය වෙමින් පවතින මැදපෙරදිග යුධ උණුසුම සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 100 දක්වා ඉහළ යනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් විසින් මත පළ කරනු ලබයි.

ඔවුන් ප්‍රකාශ කරන පරිදි ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉන්ධන ප්‍රවාහන නෞකා ගමනාගමනයට බාධා කළහොත් මේ තත්ත්වය තවත් ගැටලු සහගත වනු ඇත.

මේ වනවිටද ඊශ්‍රායලය සහ ඉරානය අතර, උණුසුම මේ වනවිටත් පහළ ගොස් නොමැත.

ලොව දෛනික ඉන්ධන පරිභෝජනයෙන් 5න් 1ක් මැද පෙරදිග අපනයනකරුවන්ගෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරේ.

මේවන විට ලෝක වෙළදපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 90 මට්ටමේ පවතින අතර, යම්හෙයකින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් බොරතෙල් ඩැරලයක් ඩොලර් 130 දක්වා ඉහළ යාමේ අවධානමක්ද පවතින බව ආර්ථික විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙයි.

Continue Reading

පුවත්

පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු අද

Published

on

By

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද (19) දින සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ, අද (19) පස්වරු 2.00 ට මතුගම, කරම්පෑතර පවුලේ සුසාන භුමියේදී ය.

හිටපු රාජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය මතුගම යටදොළවත්තේ පිහිටි නිවසේ මේ වන විට තැන්පත් කර තිබේ.

දේශපාලඥයින්, ප්‍රදේශවාසින් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්විමට පැමිණෙමින් සිටී.

ඔහුගේ මතුගම පිහිටි වත්තේදි විදුලි සැර වැදීමෙන් තෙවරප්පෙරුම මහතා පෙරේදා පස්වරුවේ මිය ගියේ ය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved