ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස වෙනස් නොවන බව එම ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ප්‍රමාණ තුනේම මිල පසුගිය මස පැවති මිලේම පවතිනු ඇත. මේ මාසයට අදාළව නියත මිල වැඩිවීමක් තිබුණත් ඒ පාඩුව සමාගම දරාගෙන ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.