Connect with us

පුවත්

විදේශ විනිමය ප්‍රේෂණ ගැන කටකතා බොරු – මහබැංකුව

Published

on

විදේශගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන් ශ්‍රී ලංකාවට එවන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා ඇතැයි හෝ ඒවා බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල්වලට හරවනු ඇතැයි වන කටකතා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පුවත්

ආරවුල විසඳන්න හෙට රැස්වීමක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා රැස්වීමක් හෙට (25) පස්වරු 3.00ට  කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා පැවසීය.

ඒ අනුව ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන  සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරු මේ සඳහා සහභාගි වනු ඇතැයි හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව පැවසූයේ අද ( 24 ) එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ය.

Continue Reading

පුවත්

ඉරානය – ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තියයි (වීඩියෝ)

Published

on

By

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට මීට සුළු මොහොතකට පෙර අත්සන් තබා ඇත.

මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය, මාධ්‍ය, සංචාරක, සමුපකාර, පුස්තකාල, සංස්කෘතික, විද්‍යාත්මක, තාක්‍ෂණික සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ආවරණය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙරට සංචාරයක නිරතව සිටින ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා අද පස්වරුවේදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුවක්ද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර ඉන් අනතුරුව දෙරටේ නියෝජිතයන් අතර ද්විපාර්ශ්වික හමුවක්ද පැවැත්විණි.

(වීඩියෝ : ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ආනයනික කිරිපිටි මිල අඩුවෙයි

Published

on

By

හෙට (25) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝවක මිල රු. 250ත් – 300ත් අතර මිලකින්ද, කිරිපිටි ග්‍රෑම් 400ක මිල රු. 100ත් – 130ත් අතර මිලකින්ද  පහළ දැමෙනු ඇති බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved