Connect with us

පුවත්

සතොස භාණ්ඩ 4ක මිල අඩුකරයි

Published

on

ලංකා සතොස හෙට (24) සිට භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව සුදු සීනි මිල රු. 9කින්, තිරිඟු පිටි මිල රු. 14කින්, සුදු ලූනු මිල රු. 30කින් සහ ලොකු ලූනු මිල රු. 43කින් පහළ දැමීමට තීරණය කර ඇත.

මෙම මිල පහළ දැමීමත් සමඟ සුදු සීනි කිලෝවක් රු. 229කට, තිරිඟු පිටි කිලෝවක් රු. 265කට, සුදු ලූනු කිලෝවක් රු. 495කට හා ලොකු ලූනු කිලෝවක් රු. 255කට සතොස හරහා මිලදීගත හැක.

පුවත්

දමිතාට හා සැමියාට ඇප

Published

on

By

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබේ.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙසයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කලේය.

කොරියාවට වීසා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 30ක් වංචාවක් සිදු කළේ යැයි චෝදනාවට මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සිදුවිය.

Continue Reading

පුවත්

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත වෙයි (වීඩියෝ)

Published

on

By

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. 

මෙම ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පසු ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද විශාලතම වාරි ව්‍යාපෘති වලින් එකකි.

ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීමයි.

මෙමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා පුහුල්පොල සහ ඩයරබා ජලාශ දෙක ඉදිකිරීම, ජලාශ දෙක සම්බන්ධ කරන කිලෝමීටර් 3.98 දිගකින් යුත් ජල ප්‍රවාහ උමග (සම්බන්ධක උමග), කිලෝමීටර් 15.2 ක දිගකින් යුත් ප්‍රධාන උමග, භූගත විදුලි බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඉදිකිරීම්වලින් සමන්විතය.

(වීඩියෝ : ජනාධිපති මාධ්‍ය ඒකකය)

Continue Reading

පුවත්

මහජන විවාදය ගැන ජාජබේ ඉල්ලීමට සජබෙන් පිළිතුරු

Published

on

By

ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක අනුර දිසානායක මහතා විසින් විවාදයක් සඳහා සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී ඇති දිනවල එම විවාදය පැවැත්විය නොහැකි බව සමගි ජන බලවේගය (සජබ) පවසයි.

එම විවාදය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය පසුගිය 22වැනි දින ලිපියක් යොමු කරමින් සමගි ජන බලවේගය වෙත දන්වා තිබුනේ එම විවාදය සඳහා නායක අනුර කුමාර දිසානායක සහභාගි වන බවත් මැයි මාසයේ 07, 09, 13 හෝ 14 යන දිනවලින් එක් දිනක පැවැත්වීමට පක්ෂය සූදානම් වන බවයි.

මෙම ලිපිය සඳහා පිළිතුරු දෙමින් සජබ පවසා ඇත්තේ තමන් මුලින් පක්ෂ දෙකේ ආර්ථික සභා අතර ප්‍රසිද්ධ විවාදයක් යෝජනා කළ බවත්, ජාජබ සිය නවතම ලිපියෙන් එයට ප්‍රතිචාර දක්වා නොමැති බවත්ය.

කෙසේ නමුත් ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසන්නේ ජාතික ජන බලවේගය ඒකපාර්ශවීකව දින තීන්දු කර ඇති බවත් සහ එකී ලිපියේ ආර්ථික කමිටු විවාදය ගැන කිසිදු සඳහනක් නොමැති බවය.

පක්ෂ දෙකේ ආර්ථික සභා අතර විවාදය පැවැත්වේද නැද්ද යන්න තහවුරු කරන ලෙසත්,  ප්‍රසිද්ධ විවාද දෙක සඳහාම දින නියම කිරීම සඳහා අප්‍රේල් 25 හෝ 26 යන දිනවල සාකච්ඡාවකට පැමිණෙන ලෙසත් සජබ ආරාධනයක් සිදුකර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved