Connect with us

ව්‍යාපාර

සතොස භාණ්ඩ 4ක මිල බස්සයි

Published

on

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් හෙට (01) සිට තවදුරටත් පහත දමා තිබේ.

ඒ අනුව රතු කැකුළු කිලෝ 01ක් රුපියල් 199කට, කීරි සම්බා කිලෝ 01ක් රුපියල් 225කට, බී ලූනු කිලෝ 01ක් රුපියල් 225කට, හාල්මැස්සන් කිලෝ 01ක් රුපියල් 1150කට මිලදී ගත හැකිය.

පුවත්

WhatsApp අලුත් වෙයි

Published

on

By

මෙටා (Meta)  සමාගම සතුව ඇති WhatsApp වෙතින් නව විශේෂාංගයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව පරිශීලකයින්ට හට Chat Filter කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

විවිධ නිර්ණායක අනුව ඔබගේ කතාබස් ලැයිස්තුව filter හැකියාව ඇති අතර

කතාබස් ලැයිස්තුවේ  (Chat List) ඉහලින් මෙම නව filters දිස්වන අතර මෙමගින් කතාබස් (Chats) සොයා ගැනීම පහසු කරන බව සඳහන් වේ.

නව විශේෂාංගය ඊයේ (16) දියත් කිරීම සිදුවිය.

Continue Reading

පුවත්

කොළඹ – ඩකා අතර නව සෘජු ගුවන් සේවාවක්

Published

on

By

ෆිට්ස් එයාර් (Fits Air) සිය ගුවන් ගමන් පුළුල් කරමින් කොළඹ හා බංග්ලාදේශයේ ඩකා අතර ඊයේ (16) සිට සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

ගුවන්තොටුපල සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම විසින් මේ බව නිවේදනය කරන ලදී.

Fits Air මේ දක්වා කොළඹ සිට ඩුබායි, චෙන්නායි සහ මාලදිවයින දක්වා වූ ගමනාන්ත තුනකට සීමා වී  පැවතුNa athara බංග්ලාදේශය අතර නව මාර්ග ව්‍යාප්තියත් සමඟ ඔවුන්ගේ ඍජු ගමනාන්ත 04ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සංචාරක මෙන්ම වාණිජ කර්මාන්තයේ සැලකිය යුතු ප්‍රගමනයක් සිදුවනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් විසින් පුරෝකථනය කරන ලදී.

Fits Air ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවයයි.

Continue Reading

පුවත්

Indigo සමඟින් අද සිට මුම්බායි-කොළඹ සෘජු ගුවන් ගමන්

Published

on

By

අද (12) සිට මුම්බායි-කොළඹ සෘජු ගුවන් ගමන් එකතු කරමින් ඉන්ඩිගෝ ශ්‍රී ලංකාව වෙත ස්වකීය සම්බන්ධතාව පුළුල් කර තිබේ.

ඒ අනුව සතියකට තුන් වතාවක්, එනම් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර ඉන්ඩිගෝ, කොළඹ සිට ඉන්දියාවේ ගමනාන්ත තුනකට (චෙන්නායි දිනකට දෙවරක්, බැංගලෝර් දිනකට එක් වරක් සහ හයිද්‍රාබාද් සතියකට දින හයක්) වශයෙන් ක්‍රියාත්මක වේ.

මෙය ගමනාන්ත හතරක් දක්වා ඉහළ දැමීම අපේක්ෂා කරන අතර එමඟින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංචාර, වෙළෙඳ සහ සංචාරක ව්‍යාපාරයේ දියුණුවට ඉමහත් දායකත්වයක් එක්කරනු ඇත.

ඒ අනුව, නව එකතු කිරීමත් සමඟ ඉන්ඩිගෝ ඉන්දියාවේ ප්‍රධාන නගර හතරකින් කොළඹට සතිපතා ගුවන් ගමන් 30 ක් ක්‍රියාත්මක වීමට නියමිතය.

ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) ලිමිටඩ් (AASL) හි සභාපති අතුල ගල්කැටිය මහතා පැවසුවේ, AASL මෑතකදී ඉන්දියාවේ යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා ඉන්ඩිගෝ සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථක වූ බවය.

ඒ අනුව , 2024 ජූනි 1 වනදා සිට යාපනය සහ චෙන්නායි අතර සෘජු ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කරන බව සභාපතිවරයා විසින් වැඩිදුරටත් දක්වන ලදී.

මෙහිදී දෛනික ගුවන් ගමන් මෙහෙයුම් සිදුවන අතර මෙම සම්බන්ධතාවය උතුරු පළාතේ සංචාර සහ වෙළඳාම ඉහළ නැංවීම සඳහාත් ජාතීන් අතර සංස්කෘතික හා ආගමික බැඳීම් ශක්තිමත් කිරීම සඳහාත් ඉවහල් වනු ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved