Connect with us

පුවත්

සුදු ඩීසල් මිල පහලට

Published

on

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීරයක මිල රු 10 කින් පහළ දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව, සුදු ඩීසල් ලීටරයක නව මිල රු. 420ක් වනු ඇත.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල අඩු කිරීමට සාපේක්ෂව, ඉන්දියන් ඔයිල් සමාගම ද ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කර ඇත.

පුවත්

සජබ රජයෙන් නව පාස්කු කොමිසමක්

Published

on

By

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්  අද (24) පාර්ලිමේන්තුවේදී 

ප්‍රකාශ කරන ලදී.

දේශීය සහ විදේශීය විනිසුරුවන්ගෙන් මෙන්ම විමර්ශකයින්ගෙන් සමන්විතව මෙම  පරීක්ෂණ කොමිසම ස්ථාපිත කරන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එම පරීක්ෂණයට ශක්තියක් වීමට ස්ථීර විමර්ශන කාර්යාලයක් ස්ථාපිත කර කොමිසමෙන් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කරන බව කී විපක්ෂ නායකවරයා අදාල  අපරාධ  නඩු කටයුතු මෙහෙයවීම සඳහා විශේෂ අධිකරණයක් මෙන්ම  අධි චෝදනා කාර්යාලයක් පිහිටුවන බව පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

Continue Reading

පුවත්

මැලේරියා යළි හිස ඔසවයි

Published

on

By

2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා ප්‍රකාශ කර සිටී.

මෙම රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, අප්‍රිකා රටවලට ගොස් පැමිණි අය අතුරින් බව අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ ඔහු පවසා සිටියේය.

ශ්‍රී ලංකාව තුල අවසන් මැලේරියා රෝගීයා වාර්තා වූයේ 2012 දී වුවත් 2023 වර්ෂයේදීත් මැලේරියා රෝගීන් 62ක් වාර්තා වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

රෝගීන් බහුතරයක් සාම සාධක රාජකාරි සඳහා ගොස් පැමිණි හමුදා සාමාජිකයින් සහ මැණික් වෙළෙඳාම සඳහා ගොස් පැමිණි පුද්ගයින් බව විශේෂඥ වෛද්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී. 

Continue Reading

පුවත්

ශ්‍රිලනිප වැඩ බලන සභාපතිට – ලේකම්ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන  සභාපති , වැඩ බලන ප්‍රධාන  ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ  අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම වළක්වාලමින්  වාරණ නියෝග දෙකක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා විසින් අද (24) නිකුත් කරන ලදී.

පැමිණිලිකාර පාර්ශවය  වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරුවන් එම ධූරයන් වලට පත්වීම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බවය.

විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නොවන බවත් සාමාජිකයෙකු නොවන වෙනත් පක්ෂයක සාමාජිකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතලයක් දැරීම ව්‍යස්ථානුකූලව නීති විරෝධී බවත් සඳහන් කළේය.

පසුගිය 21 වැනි දින පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී මෙම ධූරයන් තෝරාපත් කරගෙන ඇති බවත්,එසේ එම ධුරයන් තෝරා පත් කර ගැනීමට රැස්කළ විධායක සභාවද නීති විරෝධීව පවත්වා ඇති බවත් පැවසීය.

විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතිසි නිකුත් කළ ප්‍රධාන දිසා විනිසුරුවරයා මැයි 8 දින අධිකරණයේ කරුණු දක්වන ලෙසටද නියෝග කළේය. 

සබැඳි පුවත් :

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved