Pasidol
Sathosa Ad Final Sinhala
Feb 20, 2018

මෙරට Huawei ස්මාර්ට්ෆෝන් වල වාර්තාගත අලෙවියක්!

Huawei ස්මාර්ට්ෆෝන් හි එකම ජාතික බෙදාහරින්නා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම 2017 නොවැම්බර් , දෙසැම්බර් සහ 2018 ජනවාරි මාසය තුළ දිවයින පුරා Huawei ස්මාර්ට්ෆෝන් අලෙවියෙන් මාසයකට රුපියල් බිලියනයක ඉක්මවූ අලෙවියක් වාර්තා කිරීමට සමත් වෙයි.

දෙසැම්බර් මාසයේ පමණක් රුපියල් බිලියන 1.4 ක අලෙවි ආදායමක් Huawei ස්මාර්ට්ෆෝන් අලෙවියෙන් සිංගර් විසින් ලබා තිබේ. මෙම අලෙවි වාර්තා අතර2017 නොවැම්බර් මාසයේදී හදුන්වා දුන් Huawei nova2i ස්මාර්ට්ෆෝනය පමණක් රුපියල් බිලිනයක අලෙවියක් වාර්තා කිරීම විශේෂත්වයකි. වාර්තමානයේ මෙරට අංක එකේ ස්මාර්ට්ෆෝන් අලෙවිකරු වන්නේ සිංගර් ශ්‍රී ලංකා සමාගමයි.

සිංගර් හි ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක අලෙවි ජාලය ද ඉතා කෙටි කාලයක් තුළ පුළුල් වීම හේතුවෙන් ස්මාර්ට්ෆෝන් වෙළඳ පළහි ප්‍රමුඛයා බවට පත්වීමට සිංගර් ශ්‍රී ලංකා සමත් වී තිබේ. මේ සමඟHuawei ස්මාර්ට්ෆෝන් සන්නාමය ද ඉතා කෙටි කාලයකින් මෙරට අංක එකේ ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට පත්වීමේ වේගවත් ගමනක නිරත වෙමින් සිටියි.

මෙම සාර්ථකත්වය අත්පත් කර ගැනීම සඳහා Huawei හි නිෂ්පාදනවල තත්වය හා ගුණාත්මක භාවය බෙහෙවින් ඉවහල් වී තිබේ. පාරිභෝගික අවශ්‍යතාව මැනවින් වටහා ගනිමින් එම අවශ්‍යතා වලට සරිලන ආකාරයට සහ නවීන විශේෂාංග රැසක් සමඟ Huawei ස්මාර්ට්ෆෝන් හඳුන්වා දීම ඒ අතරින් ප්‍රධාන වෙයි. සිංගර් ශ්‍රී ලංකා සතු විශ්වාසනීයත්වය, ආවේණික අලෙවි ක්‍රමවේද සහ වෙළඳ පළ ක්‍රමෝපාය මෙන්ම සන්නාම වල නවීනත්ය යන විශේෂතා වල සම්මිශ්‍රණය මෙම සාර්ථකත්වය අත්පත් කර ගැනීමට ප්‍රධාන හේතුවක් වී තිබේ. මෙම අති සාර්ථක සබැඳියාව තුළින් ශ්‍රි ලංකාවේ ස්මාර්ට්ෆෝන් වෙළඳ පළ තුළ විශ්වසනීයත්වයක් සහ ස්ථාවරත්වයක් ගොඩනඟාගැනීමට Huawei සමත් වී තිබේ.

මෙම සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ සිංගර් සහ Huawei ඒකාබද්ධව පවත්වාගෙන යන අති සාර්ථක වෙළඳ සබඳතාවයේ ප්‍රතිඵලයක් ලෙස නිරතුරුවම වෙළඳ ඉලක්ක ජයගන්නා බවයි. එහි තවත් අවස්ථාවක් ලෙස මෙම ජයග්‍රහණය සැලකිය හැකි බවත් මෙම සාර්ථකත්වය තුළින් පෙන්නුම් කෙරෙන්නේ 2018 වසරේ අලෙවි ඉලක්ක ජය ගැනීමට ඇති හැකියාව බවද ඒ මහතා පැවසීය. මේ අනුව මෙරට ස්මාර්ට්ෆෝන් අලෙවියේ අංක එක අත්පත් කර ගැනීමට ආසන්න තත්වයක තම සමාගම සිටින බවද හෙතෙම පෙන්වා දුන්නේ ය.

මූලික පරාසයේ ස්මාර්ට්ෆෝන් වල සිට උසස් පරාසයේ ස්මාර්ට්ෆෝන් දක්වා සෑම ස්මාර්ට්ෆෝනයක්ම නිපදවීමේදී පාරිභෝගික ජීවන රටාව, පාරිභෝගික අවශ්‍යතාව , සහ දැරිය හැකි පිරිවැය සහ උසස් තාක්ෂණය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම Huawei සතු විශේෂත්වයකි. Huawei හි ජාතික බෙදාහරින්නා වශයෙන් සිංගර් ශ්‍රී ලංකා කළ මෙහෙවර නිසා මේ වනවිට Huawei ස්මාර්ට්ෆෝන් සන්නාමය මෙරට අති සාර්ථක වී තිබේ.

මේ දක්වා සෑම වසරකදීම Huawei ස්මාර්ට්ෆෝන් අලෙවියෙන් සිංගර් ශ්‍රී ලංකා සමාගම අලෙවි වාර්තා පිහිටුවීමට සමත් විය. මෙහිදී Huawei ස්මාර්ට්ෆෝන් බෙදාහැරීම සඳහා සිංගර් ශ්‍රී ලංකා අනුගමනය කරන ක්‍රමෝපාය වැදගත් තැනක් ගනියි. ඒ අතර සිංගර් ශ්‍රී ලංකා සතු ඩිජිටල් මාධ්‍ය අලෙවි ජාලය ප්‍රමුඛ වන අතර වෙළඳ පළ තුළ Huawei සන්නාමය ස්ථාවර කිරීම සඳහා මෙම ඩිජිටල් මාධ්‍ය අලෙවි ජාලය ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කර තිබේ.

Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රීලංකා ප්‍රධානි පීටර් ලියු මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ Huawei සන්නාමය විශිෂ්ට ස්ථානයකට ඔසවා තැබීම පිළිබඳව සිංගර් ශ්‍රී ලංකා සමාගම වෙත සිය ස්තුතිය පිරිනමන බවයි. අඛණ්ඩව මාස 3ක් තුළ වාර්තා වූ මෙම අති සාර්ථක අලෙවිය මඟින් Huawei සන්නාමය කෙරෙහි ශ්‍රී ලාංකික පාරිභෝගිකයා තබා ඇති විශ්වාසය පිළිබඳව මැනවින් තහවුරු වන බව සඳහන් කළේය. මෙම විශ්වාසය අඛණ්ඩව ආරක්ෂා කර ගැනීම සඳහා Huawei කටයුතු කරන බවත්, ඒ සඳහා ඉදිරි වසර වලදී තවත් නවීන උසස්තම නිෂ්පාදන රැසක් තිළිණ කිරීමට අපේක්ෂා කරන බවත් සදහන් කළේය. Huawei මෙරට අලෙවිය ආරම්භ වූ දා සිට මේ දක්වා අති සාර්ථක ගමනක් නිරත වෙමින් පාරිභෝගිකයා වටහාගත් මෙරට ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් බවට පත් ව ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

2017 වසරේදී නවතම ෆෝචූන් 500 වාර්තාවට අනුව ප්‍රමුඛතම සමාගම් 100 අතර 83 වන ස්ථානය හිමිකරගැනීමට Huawei සමත්වී ඇති අතර ෆෝබ්ස් හි ලොව වටිනාතම සන්නාම අතර 88 වන ස්ථානය හිමිකරගැනීමට Huawei සමත් වී තිබේ. ලොව ප්‍රමුඛතම BrandZ’s හි නවතම වාර්තා වලට අනුව වටිනාතම සන්නාම අතර 49 වන ස්ථානය හිමිකරගැනීමට Huawei සමත් වී තිබේ. 2018 වසරේ Brand Finance Global 500 නවතම වාර්තා වලට අනුව Huawei 25 වන ස්ථානයේ පසුවන අතර, Interbrand’s හි ලොව හොඳම සන්නාම අතර 70 වන ස්ථානය Huawei විසින් හිමිකරගෙන තිබේ. නවතම Gfk වාර්තා වලට අනුව මෙරට ස්මාර්ට්ෆෝන් වෙළඳ පල තුළ 30% ක වෙළඳ ප්‍රතිශතයක් හිමිකරගනිමින් මෙරට අංක එකේ ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට පත්වීමට ආසන්නව සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top