Pasidol
Sathosa Ad Final Sinhala
Feb 21, 2018

IITExpo-කොළඹ ප්‍රදර්ශනය විවෘත වේ! (ඡායා)

IITExpo-කොළඹ 2018 විශිෂ්ට ඉන්දීය රෙදිපිළි ප්‍රදර්ශනය අද (21) දිනයේදී කොළඹ ගලධාරි හෝටලයේදී විවෘත විය.

පෙබරවාරි 23දා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ඉන්දියාවේ රෙදිපිළි නිෂ්පාදකයන් 40කට අධික පිරිසක් එක්ව සිටියි.

ඉන්දියාවේ විවිධ ප්‍රදේශ පාදාසයක පැතිරුණු ඉන්දීය වර්ණ සංයෝජනයන් ඊට අන්තර්ගත වේ. නම් වශයෙන් පැවසුව හොත් තමිල්නාඩුව (ඊරෝද්, සිලෙම්, කාරුර, කොයිබතූර්) මහාරාෂ්ඨ (සෝලපූර්, භිවන්දි, මුම්බායි), ගුජරාට් (සුරාත්) හා රාජස්ථාන් (කිෂන්ගර්) එම ප්‍රදේශයන් වේ.

පේෂකර්ම සංවර්ධන සහ අපනයන ප්‍රවර්ධන කවුන්සිලය (PDEXCIL) විසින් මෙවර මෙම ප්‍රදර්ශනය කොළඹ දී පවත්වනු ලබන්නේ තෙවැනි වරටය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශේෂ ව්‍යාපෘති අමාත්‍ය - ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහා කොමසාරිස් - අරින්දම් භාග්චි මහතා, නියෝජ්‍ය ඇමතිනි - අනෝමා ගමගේ මහත්මිය, ශ්‍රී ලංකා රෙදිපිළි අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති - ෆීලික්ස් ප්‍රනාන්දු මහතා, PDEXCIL සභාපති - ශ්‍රී පුරුෂෝත්තම් කේ. වන්ගා මහතා ඇතුළු PDEXCIL නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්විය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය අමුණුගම මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සැමදා දැඩි මිත්‍ර සබඳතාවයක් පැවති බවත්, දෙපාර්ශවයටම වාසිදායක වන ලෙස ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටින බවත් ය. රෙදිපිළි ක්ෂේත්‍රය යනු ශ්‍රී ලංකාවේ සාර්ථක වූ කතාපුවතක් බවද ඔහු පැවසීය. තවද, මෙම ක්ෂේත්‍රයේ අලෙවිකරණය සම්පූර්ණයෙන්ම වෙනසකට ලක්ව ඇතැයි පැවසූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටීම පිළිබඳව තමා සතුටු වන බවත් ය.

(ඡායා : කැළුම් ශිවන්ත | ශානිකා ජයසේකර)

IITExpo1 1000px 18 02 21

IITExpo2 1000px 18 02 21

IITExpo3 1000px 18 02 21

IITExpo4 1000px 18 02 21

IITExpo5 1000px 18 02 21

IITExpo6 1000px 18 02 21

IITExpo7 1000px 18 02 21

IITExpo8 1000px 18 02 21

IITExpo9 1000px 18 02 21

IITExpo10 1000px 18 02 21

IITExpo11 1000px 18 02 21

IITExpo12 1000px 18 02 21 1

IITExpo13 1000px 18 02 21

IITExpo14 1000px 18 02 21

 

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top