Pasidol
Sathosa Ad Final Sinhala
Feb 26, 2018

ජනශක්ති ඉන්ෂුවරන්ස් PLC ට අලුත් ලොක්කෙක්

ජනශක්ති ඉන්ෂුවරන්ස් PLC සමාගම සඳහා නව ප්‍රධාන නිලධාරියෙකු පත් කර තිබේ.

මෙතෙක් ජනශක්ති ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ ජූඩ් ප්‍රනාන්දු මහතා 2018 මැයි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි ජනශක්ති ඉන්ෂුවරන්ස් PLC සමාගමේ අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්කර ඇත.

ප්‍රනාන්දු මහතා මෙම ධූරයට පත් කර ඇත්තේ එම ධූරය මේ වන විට හෙබවන ස්ටුවර්ට් චැප්මන් මහතා 2018 අප්‍රේල් 30දා සිට සේවයෙන් ඉල්ලා අස්වීමට නියමිත බැවිනි.

අද (26) දිනයේ කොටස් වෙළඳපොල වෙත නිවේදනයක් නිකුත් කරමින් ජනශක්ති සමාගම විසින් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

ජූඩ් ප්‍රනාන්දු මහතා හෝ ස්ටුවර්ට් චැප්මන් මහතා හට සමාගමේ කොටස් අයත් නොවන බවද නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Janashakthi

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top