Pasidol
Sathosa Ad Final Sinhala
Feb 27, 2018

ස්වදේශී සමාගමට ISO 9001:2015 තත්ත්ව සහතිකය

ශ්‍රී ලංකාවේ අංක එකේ ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමවන කඳානේ සීමාසහිත ස්වදේශි කර්මාන්තායතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමන ISO 9001:2015 කීර්තිමත් ජාත්‍යන්තර විශිෂ්ට කළමනාකාරීත්ව ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලැබීය.

ස්වදේශී සමාගම, පුළුල් සනීපාරක්ෂක, ළදරු හා රෙදි සෝදන සබන් නිෂ්පාදන පෙළක් නිපදවන හා අලෙවි කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක්වන අතර, ‘කොහොඹ’ හා ‘රාණි සඳුන්’ එම සමාගමේ කීර්තිමත් නිෂ්පාදන වෙති. කීර්තිමත් ISO 9001:2015 ජාත්‍යන්තර කළමනාකාරීත්ව ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලැබීමෙන් ස්වදේශී සමාගමේ සියළු නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වූ විශිෂ්ට කළමනාකාරීත්වය තවදුරටත් සහතික කෙරෙනු ඇත.

ස්වදේශී සමාගම සමාගම හිමි කරගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ ප්‍රකාශිකාවක පැවසුවේ, ‘දශක 7ක් පුරා සමාගම විසින් හිමිකරගෙන තිබෙන විශ්වාසය හා පිළිගැනුම මෙම ISO 9001:2015 ප්‍රමිති සහතිකය ලැබීමෙන් තවත් බලගැන්වෙනවා. ස්වදේශී යන්න ශ්‍රී ලංකාව තුළ දොරින් දොර කියැවෙන නමක් බවට පත්කිරීමට අප සමාගම දක්වන කැපවීම මෙම සහතිකයෙන් යළි නිවේදනය කෙරුණා. මෙම වටිනා සහතිකය පිරිනැමුණේ ප්රමිති සහතික නිකුත්කිරීමේ යුරෝපයේ වඩාත් පිළිගැනුම හිමි ආයතනයවන RVA Netherlands හි බලයලත් ආයතනයවන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානවල මගපෙන්වීම් මත ස්වදේශී සමාගමේ විශිෂ්ට තත්ත්ව කළමනාකාරීත්ව පද්ධතිය තක්සේරු කිරීමෙන් පසුවයි. එමෙන්ම මෙම ISO 9001:2015 ප්‍රමිති සහතිකය පිරිනැමෙන්නේ වැදගත් ප්‍රධාන සාධකයක් සේ සැලකෙන ‘විශිෂ්ට තත්ත්ව කළමනාකරණ මූලධර්ම’ පදනම් කරගනිමින්. විශිෂ්ට තත්ත්ව අරමුණු සාක්ෂාත් කරගැනීමේ නායකත්වය, විශිෂ්ට තත්ත්ව කළමනාකරණ පද්ධතියට කාර්ය මණ්ඩල දායකත්වය, නිෂ්පාදන ක්‍රියාවලියෙහි අඛණ්ඩ වර්ධනය, සාධක පදනම් කරගත් තීරණගැනීම, අනෝන්ය වශයෙන් ප්‍රතිලාභ හිමිවන සැපයුම්කරු සබඳතාව, විශේෂයෙන්ම පාරිභෝගික අවශ්යතා කෙරෙහි යොමුවීම හා පාරිභෝගික සංතෘප්තභාවය එයට ඇතුළත් වෙනවා. අවසානයේ විශිෂ්ට නිෂ්පාදන සඳහා වූ මාර්ගය සහතික කෙරෙන්නේ ඉහත මූලධර්මයන් පදනම් කරගත් ක්‍රියාවලියකිනි.’ යන්නය.

ස්වදේශී සමාගමේ ප්‍රකාශිකාව තවදුරටත් පැවසුවේ, ‘නිෂ්පාදන ක්‍රියාවලිය හා පාරිභෝගිකයා වෙත වඩාත් විශිෂ්ට නිෂ්පාදනයක් සැපයීම සහතිකකිරීම සඳහා අප සමාගමේ තත්ත්ව සහතිකකිරීමේ අංශය මගින් සියලූ අමුද්‍රව්‍ය හා ඇසුරුම්කරණයේ ගුණාත්මකබව හා නිෂ්පාදන කි්රයාවලියෙහි සියලූ පියවරවල් මනාව අධීක්ෂණය කරනු ලබනවා. දශක සතකට වැඩි ඉතිහාසයක් හිමි සැබෑ ශ්‍රී ලාංකේය සමාගමක් වීමෙන්ම මෙරට පාරිභෝගික අවශ්‍යතා, ඔවුන් ප්‍රබෝධනයට පත්වන කාරණා, වටිනා දැක්මක් සහිතව නව්‍ය හා විශිෂ්ට ලෙස බිහිකිරීමට අපට බොහෝ උපකාරී වූවා. වර්තමානයේ ස්වදේශී සමාගම, දේශීයව හා ජාත්‍යන්තරව දොරින්දොර කියැවෙන්නේ මෙරට ශාකසාර හා ළදරු සබන් ක්ෂේත්‍රයේ වැඩිම අලෙවිය සහිත කීර්තිමත් වෙළෙඳනාම හිමි සමාගමක්.’ යන්නය.

1941දී ඇරඹූ ස්වදේශී කර්මාන්තායතනය, සබන් නිෂ්පාදනය කළ මෙරට පළමු සමාගම වේ. නව්‍යකරණය, සංවර්ධන හා පර්යේෂණ සඳහා ප්‍රබල අවධානයක් සහිත එම සමාගම පළමුවරට මෙරටට හඳුන්වාදුන් නිෂ්පාදන රැසකට හිමිකම් කියයි. ඒ අතර මෙරට පළමු ශාකසාර රුව වඩන සබන්, පළමු සඳුන් සබන්, පළමු ශාකසාර ළදරු නිෂ්පාදන පෙළ, පළමු ශාකසාර ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ හා පළමු ශාකසාර අඩංගු මඳුරුවන් පළවාහැරීමේ නිෂ්පාදනය වෙති.

කීර්තිමත් ස්වදේශී නිෂ්පාදන පෙළ අතරට කොහොඹ, රාණී සඳුන්, කොහොඹ බේබි, සේෆ්ප්ලස්, අප්සරා, පර්ල්වයිට්, ලක්බාර්, ලේඩි පර්ෆියුම්, බ්ලැක් ඊගල් (පර්ෆියුම් හා ආෆ්ටර් ෂේව්), ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ හා දේශීය වෙළඳපොලේ එකම ළමා සනීපාරක්ෂක නිෂ්පාදන පෙළ වන ලිට්ල් ප්‍රින්සස් අයත් වේ.

ස්වදේශී සමාගමේ ප්‍රමුඛතම සන්නාම අතරට ශාකසාර සබන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන කොහොඹ ශාකසාර සබන් හා සඳුන් සබන් අතර ප්‍රමුඛයා වන රාණි සඳුන් සබන් අයත් වේ.

Swadeshi ISO Certification

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top