Pasidol
Sathosa Ad Final Sinhala
Mar 01, 2018

ප්‍රෝ ෆුඩ් / ප්‍රෝ පැක් සහ ඇග්‍රි බිස් ප්‍රදර්ශනය මෙවරත්

දකුණු ආසියාවේ විශාලත ම සැකසූ ආහාරපාන, ඇසුරුම් හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය වන ප්‍රෝ ෆුඩ් / ප්‍රෝ පැක් සහ ඇග්‍රි බිස් ප්‍රදර්ශනය (Pro Food / Pro Pack and Agbiz Exhibition) මෙවරද සාර්ථක 17 වැනි වරටත් පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය අගෝස්තු 03 - 05 යන තෙදින තුළ කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙන බවට සියළු කටයුතු සූදනම් කර ඇත.

ශ්‍රී ලංකා ආහාර නිෂ්පාදකයින් ගේ සංගමය හා ලංකා එක්සිබිෂන් ඇන්ඩ් කොන්ෆරන්ස් සර්විසස් (LECS) විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය, පසුගියදා කොළඹදී පැවති උත්සවයදී නිවේදනය කෙරුණි.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා, ශ්‍රී ලංකා ආහාර නිෂ්පාදකයින් ගේ සංගමයේ සභාපති - මලික් ද අල්විස් හා එහි ලේකම් - තුසිත් විජේසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

මෙහිදී 2017 ප්‍රෝ ෆුඩ් / ප්‍රෝ පැක් සහ ඇග්‍රි බිස් ප්‍රදර්ශනයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට සම්මාන ද ප්‍රදානය කෙරුණි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේ මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් අඩක් පමණ ආහාර සැකසුම් ක්ෂේත්‍රයේ නියැලී සිටින බවයි.

කෘෂිකාර්මික හා ආහාර ක්ෂේත්‍රයේ විවිධ අංග විදහා දක්වන මෙවර ප්‍රෝ ෆුඩ් / ප්‍රෝ පැක් සහ ඇග්‍රි බිස් ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි 350කට අධික ප්‍රමාණයක් වෙන් කර ඇති අතර, 30,000කට අධික පිරිසක් මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මීට අමතරව චීනය හා ඉන්දියාව නියෝජනය කරන ව්‍යාපාරික ආයතන 80ක් පමණ මෙවර ප්‍රදර්ශනයට එක්වන බවත්, ඔවුන් වෙනුවෙන් විශේෂ ප්‍රදර්ශන මණ්ඩප දෙකක් ස්ථාපිත කරන බවත් සංවිධායකයන් පවසයි.

තවද, සිය නව්‍යකරණ නිපැයුම් ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සඳහාද විශේෂ ප්‍රදර්ශන මණ්ඩපයක් ස්ථාපිත කරනු ඇත.

මේ අතර, ප්‍රදර්ශනය අතරතුරදී ආහාර හා තාක්ෂණ ආයතනය (Institute of Science and Technology) විසින් සිය වාර්ෂික සමීක්ෂණ වාර්තාවද එළිදැක්වීමට නියමිත අතර, තවත් ආයතන කිහිපයක් විසින් පුහුණු වැඩමුළුද පැවැත්වීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top