Pasidol
Sathosa Ad Final Sinhala
Mar 06, 2018

සොෆ්ට්ලොජික් වෙතින් King Long බස්රථ 10ක්

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් හි අනුප්‍රාප්තික ආයතනයක් මෙන්ම King Long බස්රථ මෙරට බෙදාහැරීමේ සේවා නියෝජිතවරයා වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම සුපිරි King Long බස්රථ 10ක් ආසියා පැසිෆික් කලාපයේ ප්‍රමුඛතම සංචාරක කළමණාකරණ සමාගමක් වන May Flower Holidays පුද්ගලික සමාගම වෙත ලබාදෙයි.

මේ අනුව සුපිරි King Long බස්රථ මෙරට අංක එකේ සංචාරක ප්‍රවාහන බස් රථ බව තහවුරු වී තිබේ.

මෙම බස් රථ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් සොෆ්ට්ලොජික් ඔටෝමොබයිල්ස් හි ප්‍රධාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් මහතා සඳහන් කළේ සංචාරක ක්ෂේත්‍රෙය් ප්‍රමුඛතම සමාගමක් වන May Flower Holidays හි බස්රථ සැපයුම් කරුවකු බවට පත්වීම පිළිබඳව සතුටට පත්වන බවයි. සංචාරක කළමණාකරන සමාගම් අපේක්ෂා කරන ප්‍රමිතිය, සුවපහසු බව හා උසස් තත්වය සහිතව King Long බස්රථ නිපදවෙන බව මෙයින් තහවුරු වන්නේ යැයි ද තෙන්නකෝන් මහතා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම මෙම බස්රථ සඳහා ලබාදෙන විශිෂ්ට අලෙවියෙන් පසු සේවය , අමතර කොටස් සැපයීම, සේවා පහසුකම් සහ අනතුරු වලින් පසු අළුත්වැඩියා කිරීමේ පහසුකම්, පැය 24 පුරා ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවා, යනාදී විශේෂතා පාරිභෝගිකයින්ට ලැබෙන විශේෂ වරප්‍රසාද ලෙස හැදින්විය හැකි බව ද තෙන්නකෝන් මහතා මෙහිදී පැවසීය.

සොෆ්ට්ලොජික් ඔටෝ මොබයිල්ස් හි අලෙවි අධ්‍යක්ෂ ගිහාන් විතාරණ මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ බස් රථ ක්ෂේත්‍රෙය් ලොව ප්‍රමුඛ බස් රථ සන්නාමයක් ලෙස King Long බස්රථය හැඳින්විය හැකි බවයි. සොෆ්ට්ලොජික් සමාගම හා King Long අතර වන දීර්ඝ කාලීන සමීප සබඳතාව ඔස්සේ මෙරට ජාතික ගමනාගමන කොමිසම හා සංචාරක ක්ෂේත්‍රයේ විශ්වාසය දිනූ නාමයක් බවට King Long සන්නාමය පත්ව තිබෙන බව ඒ මහතා පැවසීය. පාරිභෝගිකයාගේ සුව පහසුව උපරිම වන ආකාරයට නිමවා ඇති King Long බස්රථ එම පන්තියේ හොඳම පහසුකම් සහිත බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන සංචාරක කර්මාන්තයට ,සුපිරි ගමනාගමන් පහසුකම් වලට මෙන්ම අධිවේගී මාර්ගවල ධාවනයට ඉතා සුදුසු බස්රථයක් ලෙස මෙම King Long බස්රථය හැඳින්විය හැකිය. 230hp turbo intercooled එන්ජිමකින් සමන්විත මෙම බස් රථය ඕනෑම භූගෝලීය තත්වයකට ඔරොත්තු දීම සෙහි ඇති විශේෂත්වයකි. හයිඩ්‍රොලික් ගියර් පද්ධතිය, SACHS Clutch, WABCO ABS සමඟ Dual Air Brakes ආදී පහසුකම් වලින් ද මෙම King Long බස් රථය සමන්විත වෙයි. දේශගුණික සාධක මත පාලනය වන වායු සමීකරන පද්ධතියක් මෙන්ම තනි පුද්ගල වායු සමීකරන පාලන කටයුතු , වෙනස් කළ හැකි ආසන, කියවීමේ ලාම්පු,බෝතල් රඳවන පා රඳවන , USB චාර්ජ් කීරීමේ පහසුකම් , 18.5” LED TV සහ DVD යන්ත්‍ර මෙන්ම බෝතල් ශිතකරණ ආදී විශේෂාංග රැසකින් මෙම බස් රථය සමන්විත වෙයි. බස් රථය තුළ ඇලුමිනියම් පොළව සහ පොළව යට ගමන් මළු ඇසුරුම් කිරීමේ පහසුකම් මෙන්ම බඩු බාහිරාදිය රැදවීමේ පහසුකම් වලින්ද සමන්විත වෙයි. මෙම King Long බස්රථ සඳහා වසර දෙකක නිෂ්පාදන වගකීමක් හෝ කිලෝමීටර් 10000 ක නිෂ්පාදන වගකීමක් හිමිවෙයි. සොෆ්ට්ලොජික් ඔටෝමොබයිල්ස් වෙතින් මෙම බස් රථ සඳහා දිවයින පුරා පැය 24 පුරා ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවාවක් ද ක්‍රියාත්මක වෙයි.

May Flower Holidays විසින් මිළදී ගත් මෙම බස් රථ සඳහා යොදවන රියදුරන් වෙත බස් රථය නඩත්තු කිරීම සහ ආරක්ෂාව පිළිබඳව මූලික පුහුණුවක් පැවැත්වෙන අතර අවශ්‍ය අයෙකුට ඒ පිළිබඳ උසස් පුහුණුව සඳහා යොමු වීමේ හැකියාව ද පවතියි. මේ අනුව මෙම King Long බස්රථ සඳහා යොදවන රියදුරන් මෙම බස් රථයේ තාක්ෂණය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගනියි.

1

3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top