Pasidol
Sathosa Ad Final Sinhala
Mar 08, 2018

නොමිලේ ඩේටා දෙන ක්‍රෙඩිට් කාඩ් එකක් මෙරටට

මෙරට ජාතික ජංගම දුරකතන සේවය වන මොබිටෙල් හා මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන කොමර්ෂල් බැංකුව සුවිශේෂී කර්තව්‍යයකට එක්වී තිබේ.

ඒ,නොමිලේ ඩේටා ලබාගත හැකි ක්‍රෙඩිට් කාඩ් පතක් හඳුන්වාදෙමිනි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ සේවා සැපයුම්කරුවෙකු විසින් මූල්‍ය ආයතනයක් හා සහයෝගිතාවක් ඇති කරගත් පළමු අවස්ථාව වන මෙමගින් විදුලි සංදේශ, බැංකු හා තාක්ෂණික ක්ෂේත්‍ර වල නව පෙරළියක් ඇතිකරයි.

ප්‍රතිලාභ රැසක් හිමිකර දෙන මෙම කාඩ්පත ඩේටා + ලෝයල්ටි ක්‍රෙඩිට් කාඩ්පතක් වන අතර, මෙහි ක්‍රෙඩිට් කාඩ් මෙහෙයුම් කොමර්ෂල් බැංකුව විසින් ද දත්ත පිරිනැමීම මොබිටෙල් සමාගම විසින් ද සිදුකරනු ලබයි.

මෙම ක්‍රෙඩිට් කාඩ්පත භාවිතාකරමින් රු. 1000ක මුදලක් වැය කරන සෑම වරකටම දින 30ක් දක්වා වලංගු 50MB ඩේටා ප්‍රමාණයක් නොමිලේ හිමිවීම මෙහි විශේෂත්වයයි.

Image 1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top