Pasidol
Sathosa Ad Final Sinhala
Dec 07, 2016

ශ්‍රී ලංකන් ට තවත් සම්මානයක්

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම තවත් සම්මානයක් ලබා ඇතැයි වාර්තා වේ.

ඒ, පසුගියදා මාලදිවයින් දූපත් වල පැවති World Travel Awards උළෙලේදීය.

එහිදී 2016 වසර තුළ ඉන්දීය සාගර කලාපයට ක්‍රියාත්මක වන ලොව ප්‍රමුඛතම ගුවන්සේවය ලෙස සම්මාන ලැබීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමත් විය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඉන්දීය සාගර කලාපය තුළ නගර 11කට මෙහෙයුම් සිදුකරයි.

මීට සති කිහිපයකට පෙරාතුව පැවති Future Travel Experience Asia Awards උළලේදී මධ්‍යම හා දකුණු ආසියාව තුළ පූර්ණ සේවා සපයන හොඳම ගුවන්සේවය ලෙසද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්මානයට පාත්‍ර විය.

comment (1)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top