Pasidol

Sathosa

Mar 21, 2018

හුවාවේ නවතම වැඩ්ඩන් එළිදකී

2018 මාර්තු 20 , කොළඹ ශ්‍රී ලංකාව - ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නවතම නිෂ්පාදන ද්විත්වය වන Y7 Pro සහ Y9 මුල් වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. කොළඹදී පැවති මෙම හඳුන්වා දීමේ අවස්ථාවට Huawei හි ශ්‍රී ලංකා කළමණාකාරීත්වය, සිංගර් ශ්‍රී ලංකා කළමණාකාරීත්වය සහ දිවයින පුරා ව්‍යාප්ත වී ඇති ප්‍රමුඛ ඛෙදාහැරීම් නියෝජිතයින් මෙන්ම ජනප්‍රිය ගායන ශිල්පිනී රයිනි චාරුකා ගුණතිලක ද සහභාගී විය.

නවතම Huawei හි Y කාණ්ඩය යටතේ දැරිය හැකි මිලකට ඉහළ පහසුකම් සහිත උසස් තත්වයේ අත්දැකීමක් තිළිණ කරමින් මෙම ස්මාර්ට්ෆෝන් පෙළ හඳුන්වා දෙයි. උසස් තත්වයේ කැමරාව, සම්පූර්ණ පුළුල් තිරය, අමතර බැටරි ආයු කාලය, memory සහ ගබඩා කිරීමේ පහසුකම් සහිත මෙම ස්මාර්ට්ෆෝන් පෙළ අතර Y7 Pro සුවිශේෂි වන්නේ කැමරා ත්‍රිත්වයක් සහිත වෙළඳපලට එන එකම මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝනය එය වීම නිසා ය. එමෙන්ම Y9 ස්මාර්ට්ෆෝනය, කැමරා හතරක් සහිත ප්‍රථම ස්මාර්ට්ෆෝනය වන අතර එය 4000mAh ක ධාරිතාවයකින් යුතු බැටරියකින් ද සමන්විත වෙයි.

මෙම අවස්ථාවට එක්වූ Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා හි ප්‍රධානී පීටර් ලියු මහතා පෙන්වා දෙන්නේ තම සමාගමේ නවෝත්පාදන වල ප්‍රථිපලයක් ලෙස විවිධ පරාස වල ස්මාර්ට්ෆෝන් වරින් වර හදුන්වා දෙන බවයි. මෙම හේතුව නිසා පාරිභෝගිකයින්ට සිය ජීවන විලාසිතාවට ගැලපෙන ආකාරයේ නියම ස්මාර්ට්ෆෝනයක් තෝරා ගැනීමට කදිම අවස්ථාවක් හිමිවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. මේ ආකාරයට Huawei හි Y කාණ්ඩය මෙරට තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් ස්මාර්ට්ෆෝන් කාණ්ඩයක් බව ද හෙතෙම පැවසීය. නවතම ස්මාර්ට්ෆෝන් ද්විත්වය ද Huaweiහි Y කාණ්ඩය යටතේ හදුන්වා දෙන අතර එය මෙරට තරුණ තරුණියන්ගේ ආවේණික වූ ජීවන රටාව උසස් කරවීමට හේතුවක් වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

නවතම Huawei Y9 හි විශේෂාංග පිළිබඳ සැලකීමේ දී 16MP හා 2MP ඉදිරිපස කැමරා ද්විත්වයකින් සමන්විත වන අතර මෙම ලෙන්ස් දෙකම F/2.0 ඇපචර් පහසුකමෙන් යුක්ත වෙයි. පසුපස කැමරා ද්විත්වය 13MP හා 2MP වන අතර F/2.2 ඇපචර් පහසුකම සහිත වෙයි. මෙම ස්මාර්ට්ෆෝනය 4000mAh ධාරිතාවයක බැටරියකින් යුක්ත වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. මෙම ස්මාර්ට්ෆෝනයේ ඇති පුළුල් ඇපචර් පහසුකම නිසා වෘත්තීය මට්ටමේ ඡායාරූප සහ උඩුකය ඡායාරූප පහසුවෙන් ලබාගැනීමේ හැකියාව සහිත වෙයි. පසුපස ඇගිලි සළකුණු ක්‍රමවේදය සහ අනගි ලෝහමය නිමාව නිසා මෙම ස්මාර්ට්ෆෝනයට ඉතා ආකර්ෂණීය පෙනුමක් හිමිව තිබේ. මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝනයක් වන මෙම ස්මාර්ට්ෆෝනයෙහි ඇති විශේෂතා මගින් එහි ඇති විශිෂ්ටතාව සහතික කරයි. එනම් 5.93-FHD+ resolution 2160 x 1080 ක පුළුල් තිරය යනාදිය මෙන්ම Kirin 659 chipset හා බැඳුනු 3GB RAM සහ 32GB internal storage මෙහි ඇති විශේෂතා අතර ප්‍රමුඛ තැනක් ගනියි. එමෙන්ම Huawei Y9 ස්මාර්ට්ෆෝනය සිම් කාඩ්පත් දෙකක් සහ 256 GB ක් දක්වා memory ඉහළ නැංවිය හැකි Micro SD card පතක් යොදා ගැනීමේ පහසුකම් වලින් යුතු ස්මාර්ට්ෆෝනයකි.

මීට අමතරව මෙහි කැමරාව භාවිතයේදී මුහුණ මගින් හඳුනාගැනීම් සඳහා ස්මාර්ට්ෆේස් පහසුකම, (Face Recognition)ස්මාර්ට් සෙල්ෆි පහසුකම, අලංකාර උඩුකය ඡායාරූප, බොකේ විශේෂතා(Bokeh Effect)- භාවිත කිරීමේ පහසුව, සංඥා හෝ කටහඩ මගින් ස්මාර්ට්ෆෝනය භාවිත කිරීමේ පහසුව ආදී පහසුකම් රැසකින් සමන්විත වෙයි.

Huawei විසින් හඳුන්වා දුන් අනික් ස්මාර්ට්ෆෝනය වන්නේ Y7 Pro ස්මාර්ට්ෆෝනයයි. 8MP ඉදිරිපස කැමරාවක් සහිත මෙම ස්මාර්ට්ෆෝනය ස්වාභාවික පෙනුම සහිත සෙල්ෆි ඡායාරූප ලබාගැනීම සඳහා වන Selfie toning flash පහසුකම සහිතව නිපදවා තිබේ. මෙම ස්මාර්ට්ෆෝනයේ පසුපස 13MP සහ 2MP ලෙස ද්විත්ව කැමරා සහිත වන අතර ඒ අනුව මෙම ස්මාර්ට්ෆෝනය කැමරා ත්‍රිත්වයක් සහිතව එන ප්‍රථම මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝනය බවට පත්වෙයි. සම්පූර්ණ තිරයක් සහිත මෙම ස්මාර්ට්ෆෝනය 3GB RAM plus 32 GB ROM පහසුකම් වලින් යුක්ත වෙයි.

Huawei Y කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් FHD+ සහ HD යන දර්ශක ද්විත්වයම සහිතව නිපදවෙන අතර භාවිත කරන්නන්ට එකම තිරයක් තුළ ඇප්ස් දෙකක් එකවර ක්‍රියාත්මක කිරීමේ පහසුකම ද සහිත වෙයි. ඉහළ තත්වයේ resolution සහිත (ultrawide 1080p and 720p)තිරයකින් සමන්විත මෙම ස්මාර්ට්ෆෝනය වීඩියෝ, චැට් කිරීම, ඊ මේල්, වෙනත් වදන් සැකසීම වැනි ඇප්ස් ඉතා සුපැහැදිලි තිරයක වෙන වෙනම ක්‍රියාත්මක කරවා ගැනීමේ හැකියාව සහිත වෙයි. එකම උපාංගයක් මගින් විවිධ අවස්ථාවල විවිධ ඇප්ස් යොදාගෙන බහු කාර්යවල නිරත වෙන තරුණ තරුණියන්ට මෙම පහසුකම ඉතා පහසුවක් වෙයි.

EMUI 8.0 වලින් සමන්විත නව Huawei හි Y කාණ්ඩයයේ ස්මාර්ට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය ස්වයංක්‍රියවම කඩිනමින් යාවත්කාලීන කෙරෙන ක්‍රමවේද සහිතව නිපදවා තිබේ.

Huaweiහි Y කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් නවතම මුහුණ මගින් හඳුනාගැනීමේ පහසුකම් වලින් යුක්ත වන අතර පුද්ගල මුහුණක ඇති විශේෂතා දහසකට අධික ප්‍රමාණයක් අධ්‍යයනය කර අවශ්‍ය තොරතුරු තැන්පත් කර ගනිමින් නිසි වේලාවට නිසි ආකාරයට සේවාව සපයයි.මීට අමතරව ඇගිලි සළකුණ මගින් අනන්‍යතාව හඳුනාගැනීමේ ක්‍රමවේදය අතින් ද මෙම ස්මාර්ට්ෆෝන් ඉදිරියෙන් සිටියි.

රුපියල් 27,900 කට සහ රුපියල් 34,900 කට Huawei Y7 Pro සහ Huawei Y9 මිලදී ගත හැකි අතර ඒ සඳහා වසර දෙකක වගකීමේ සහතිකයක් හිමිවෙයි. මෙම ස්මාර්ට්ෆෝන් කළු, රන්වන් සහ නිල් යන ආකර්ෂණීය වර්ණ තුනකින් සමන්විත වෙයි. මේ සමග Huawei හි උපාංග රැසක්ද වෙළඳ පලට හදුන්වා දුන් අතර රුපියල් 5999ක් වටිනා Huawei Color Band A2 ඒ අතරින් ප්‍රධාන වෙයි. තවද රුපියල් 3399ක් වටිනා CP07 Huawei Mobile Power Bank යනාදිය ඒ අතර වෙයි. මෙම නිෂ්පාදන සියලුම Huawei මධ්‍යස්ථාන සහ දිවයිනේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා වෙතින් මිලදී ගත හැකිය. මෙරට විශාලතම අලෙවි ජාලය හිමි සිංගර් ශ්‍රී ලංකා සතුව සිංගර් මෙගා, සිංගර් ප්ලස් හා සිසිල් වර්ල්ඩ් ලෙස අලෙවි සැල් දිවයින පුරා පිහිටුවා ඇති අතර ඊට අමතරව දිවයින පුරා 420 කට අධික අලෙවි සැල් ප්‍රමාණයක සහ 1500 කට අධික ඩිජිටල් මීඩියා අලෙවි සැල් වලින් ද මිලදී ගත හැකිය. තවද මීට අමතරව ඩයලොග් ආසියාටා මධ්‍යස්ථාන සහ දිවයින පුරා පිහිටි මොබිටෙල් අලෙවි සැල් වලදී මිලදී ගත හැකිය.

2017 වසරේදී නවතම ෆෝචූන් 500 වාර්තාවට අනුව ප්‍රමුඛතම සමාගම් 100 අතර 83 වන ස්ථානය හිමිකරගැනීමට Huawei සමත්වී ඇති අතර ෆෝබ්ස් හි ලොව වටිනාතම සන්නාම අතර 88 වන ස්ථානය හිමිකරගැනීමට Huawei සමත් වී තිබේ. ලොව ප්‍රමුඛතම BrandZ's හි නවතම වාර්තා වලට අනුව වටිනාතම සන්නාම අතර 49 වන ස්ථානය හිමිකරගැනීමට Huawei සමත් වී තිබේ. 2018 වසරේ Brand Finance Global 500 නවතම වාර්තා වලට අනුව Huawei 25 වන ස්ථානයේ පසුවන අතර, Interbrand’s හි ලොව හොඳම සන්නාම අතර 70 වන ස්ථානය Huawei හිමිකරගෙන තිබේ. Huawei, ලංකාවේ අංක 01 හි ගුණාත්මක ස්මාර්ට්ෆෝනය ලෙස ස්ථානගත කර ඇති අතර නව්‍යකරණය සහ ගුණාත්මකභාවය සඳහා වූ කැපවීම තුලින් උසස් තත්වය සනාථ වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top