Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 08, 2016

SPMC අළුත් වෙයි!

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) නව මුහුණුවරකින් ඊයේ (07) දිනයේදී එළිදක්වනු ලැබුණි.

කොළඹ පැවති මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය - වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

මෙහිදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් දේශීයව නිෂ්පාදනය කරනු ලබන නව ඖෂධ 5ක් ද එළිදැක්වුණු අතර, Pacidol (Paracetamol), Diclofenac Sodium, Metformin, Losartan Potassium හා Clarithromycin යන එම ඖෂධ SPMC ආයතනයේ සභාපති - වෛද්‍ය සයුර සමරසුන්දර මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට පිළිගැන්විණි.

මෙහිදී අදහස් දැක්වූ සමරසුන්දර මහතා පැවසුවේ ජාත්‍යන්තරව නිෂ්පාදනය කෙරුනු ඖෂධ නිෂ්පාදන වලට සමාන පිළිගැනීමක් ඇතිකර, ඉතා උසස් තත්ත්වයෙන් හා වඩා සාධාරණ මිලකට මහජනයා වෙත ලබාදීම මෙහි අරමුණ බවයි.

මෙම උත්සවය අමතමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසා සිටියේ දේශීයව ඖෂධ නිපදවීමේ මෙම ක්‍රියාවලිය මගින් මහාචාර්ය සේනක බිබිලේ මහතා ගේ සිහිනය සැබෑ වන බවයි.

ඉදිරියේදී මෙරට පළමු ඖෂධ ප්‍රමිතිකරණ රසායනාගාරය කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙහිදී මූලදේශනය සිදුකළ ඉන්දියාවේ දැවැන්ත ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ACG Worldwide - ආචාර්ය Ajit Singh මහතා ඖෂධ නිෂ්පාදකයන් හට කියා සිටියේ රජයන් විසින් පැමිණවූ මිල පාලන වලට බිය නොවන ලෙසයි. අඩු මිලට නිෂ්පාදන අලෙවි කිරීමෙන් වැඩි වෙළඳපොල වර්ධනයක් අත්කර ගත හැකි බවත්, එය ඉන්දියාවේදී තමා අත්දුටු දෙයක් බවත් ඔහු සඳහන් කළේය.

PMC1 600px 16 12 09

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top