Pasidol

Sathosa

Apr 26, 2018

i-Homes ප්‍රදර්ශනාගාර මාලදිවයිනටත්

අයිඩියා සමූහ ව්‍යාපාරය තම ‘සිවිලිම’ ප්‍රදර්ශනාගාර ජාලය ජාත්‍යන්තර වෙළෙඳපොලට එක්කිරීමේ අරමුණෙන් විදෙස් රටවල i-Homes නමින් ප්‍රදර්ශනාගාර ජාලයක් පිහිටුවීමට තීරණය කර ඇත.

එහි පළමුවැනි පියවර ලෙස මාලදිවයිනේ i-Homes ප්‍රදර්ශනාගාර ජාලය පිහිටුවීමේ වෙළෙඳ ගිවිසුම අයිඩියා සමූහ ව්‍යාපාරයේ කළමනාකාර ප්‍රධානීන් හා මාලදිවයිනේ ප්‍රමුඛතම ගොඩනැගිළි ද්‍රව්‍ය අලෙවි සමාගමක නියෝජිතයන් සමග පසුගියදා කොළඹදී අත්සන් කෙරුණි.

එම වෙළෙඳ ගිවිසුම යටතේ i-Roof හා i-Panel ඇතුළු අයිඩියා සමාගම නිපදවන සියලූ නිෂ්පාදන මාලදිවයින පුරා අලෙවි කෙරුණු ඇත.

ඉදිරි මාස කිහිපයේදී තවත් විදේශ රටවල් කිහිපයකම මෙම i-Homes ප්‍රදර්ශනාගාර පිහිටුවීමට නියමිත අතර ඒ සඳහා ඉදිරිපත්ව ඇති සෙසු රටවල් වන්නේ බංග්ලාදේශය, ඝානා, මලාවි, මැඩගස්කරය හා ඊජිප්තුවය.  

‘වාසි වැඩිම වහල’ යන තේමාවෙන් අයිඩියා සමූහ ව්‍යාපාරය නිපදවන i-Homes, නිෂ්පාදන ක්‍රියාවලි විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන ජාත්‍යන්තර ISO 9001:2015 ප්‍රමිති සහතිකය සහිතව මෙරට නිපදවන එකම ASA පොලිමර් සෙවිලි වේ. ඊයම් හා ඇස්බෙස්ටෝස්වලින් තොර i-Roof මෙරට තත්ත්වයෙන් වහලය සෙවිලිකිරීමේ කදිම විසඳුම ලෙස පිළිගැනේ. එනම් ගොඩනැගිළි ඉදිකරන්නන්ගේ ඇස්තමේන්තුගත කිරීම් අනුව සැකිල්ල සවිකිරීම, තාප පරිවාරක යෙදීම, සෙවිලි හා සෙවිලි සවිකිරීමට ආදී වහලය සෙවිලිකිරීමේ වියදම් අතුරෙන් වර්ගඅඩියකට අවම මිල සදහන් වන්නේ ස-ඍදදෙ යෙදීමෙනි. එම ඇස්තමේන්තුවලට අනුව උළු, ඇළුමේනියම් තහඩු (සාමාන්‍ය හැඩය) හා ඇළුමේනියම් තහඩු (ටයිල් හැඩය) ආදිය සෙවිලිකිරීමේදි එයට වඩා වැඩි මුදලක් වැය වේ. පාරිභෝගිකයන්ට වාසී රැසක් අත්කරදෙන i-Roof වර්ග අඩියක් රුපියල් 107 සිට ඉහළට මිලදීගත හැක.

i-Roof හා i-Panel ඇතුළු අයිඩියා සමාගම නිපදවන සියලූ නිෂ්පාදන මාලදිවයිනෙහි අලෙවිකිරීමට i-Homes ප්‍රදර්ශනාගාර පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සමාගමේ ‍ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ, සම්පත් මායාකඩුව මහතා පැවසුවේ, “i-Roof හා i-Panel, අයිඩියා සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් පෙරළිකාර නිෂ්පාදනයන්. ලොව නවතම තාක්ෂණය හා අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමින් නිපදවන i-Roof හා i-Panel  මෙරට වහලය සෙවිලිකිරීම හා ගොඩනැගිළි අභ්‍යන්තර අලංකරණය සම්බන්ධයෙන් නවතාලයට සිතන කා අතරත් සැනෙකින් ජනප්‍රිය වූවා. මෙරට වෙළඳපොලේ වැඩිම ඉල්ලුම හිමි i-Roof හා i-Panel සඳහා අප සමාගමේ මීළඟ ඉලක්කය වූයේ විදේශීය වෙළඳපොල ජයගැනීමයි. එයට අනුව විදේශීය ඉදිකිරීම් ප්‍රදර්ශන රැසකට ඉදිරිපත්වීමෙන් ලොව ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගම් රැසක් අපේ විශිෂ්ට නිෂ්පාදන කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූවා. අපේ පළමු විදේශීය ගැනුම්කරුවා වූයේ ඉන්දියාවයි. දෙවනුව අප දැන් මාලදිවයිනටත් අපේ නිෂ්පාදන යවනු ලබනවා. ළඟදීම තවත් රටවල් කිහිපයකටම අපේ නිෂ්පාදන අපනයනය කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව තුළ ඉමහත් ජනප්‍රියත්වයට පත් අපේ නිෂ්පාදන මගින් විදේශ වෙළෙඳපොල ජයගෙන එමගින් මෙරට ආර්ථිකය ගොඩනගන විදේශ විනිමය මෙරට ගෙන ඒම අපේ බලාපොරොත්තුවයි’ යන්නය.

ඕනෑම ආර්ථික පසුබිමකට සරිලන ලෙසින් ගෘහ අලංකරණ අවශ්‍යතාවන් ඉටුකරදීමට මේ වනවිට අයිඩියා සමූහ ව්‍යාපාරයේ දීප ව්‍යාප්ත ‘සිවිලිම’ ප්‍රදර්ශනාගාර 400 වැඩි සංඛ්‍යාවක් පිහිටුවා ඇති අතර, මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේපෙරළියක් ඇති කරමින් විශාලතම ප්‍රදර්ශනාගාර ජාලය බවට පත්වන්නේද ‘සිවිලිම’ ප්‍රදර්ශනාගාර ජාලය වේ.

Idea Maldives Signing the MoU

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top