Pasidol

Sathosa

May 16, 2018

Canon PIXMA Ink Efficient G Series මාදිලිය මෙට්‍රොපොලිටන් වෙතින් යළිත්

කාර්යාල ස්වයංකරණයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන මෙට්රොපොලිටන් සමූහය, සිය ප්‍රින්ටර යන්ත්‍ර මාදිලි පෙළ නැවත වරක් ප්‍රබෝධමත් කරමින්, ජනප්රිය PIXMA Ink Efficient G Series කාණ්ඩය, යළි පිරවිය හැකි ink tank පද්ධතියක් සමඟින් නැවුම් මුහුණුවරකින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙනු ලබයි.

මෙට්‍රොපොලිටන් අධ්‍යක්ෂ මණ්ඩලයේ පුද්ගලික ආරාධනයෙන් සපැමිණි 140 කට අධික ව්‍යාපාරික හා 60 කට අධික ආයතනික හවුල්කරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයක දී මෙම ප්‍රින්ටර මාදිලි පෙළ යළි හඳුන්වා දීම සිදුකෙරිණි.

මෙලෙස යළි හඳුන්වා දෙන කාණ්ඩ වනුයේ Canon PIXMA Ink Efficient G Series G1010, G2010, G3010 හා G4010 යළි පිරවිය හැකි ink tank පද්ධතියකින් සමන්විත ප්‍රින්ටර කාණ්ඩයයි. මීට අමතරව සියලු සේවාවන් එකම යන්ත්‍රයකින් ලබා දෙන Canon Photo All-In-One printers වන TS5170 හා TS8170 මාදිලි ද මෙම අවස්ථාවේ ප්රදර්ශනය සඳහා එක් කර තිබිණි.

කොළඹ සිමනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවති උත්කර්ෂවත් මෙම උත්සව අවස්ථාවේ පැවති සම්මාන ප්‍රදානයක දී සමාගම විසින් ප්‍රමුඛතම අලෙවිකරුවන් ඇගයීම ද මෙහිදී සිදුකෙරිණි. මෙහිදී ජයග්‍රාහකයින් විසින් විදෙස් සංචාර ඇතුළු ආකර්ෂණිය ත්යාග රැසක් හිමිකර ගන්නා ලදී. මෙම අවස්ථාවේ දී Best Emerging Business Partner සම්මානය INSIGHT COMPUTERS විසින් දිනා ගනු ලැබීය. මේ අතර Best Regional Business Partner සම්මානය SELL X COMPUTERS විසින් දිනා ගනිද්දී Best Consumable Business Partner සම්මානය ACCELL TECHNOLOGY HOLDING විසින් හිමිකර ගනු ලැබීය. මීට අමතරව මෙම උළෙලේ දී පිරිනමන ලද Business Hardware partner හා Best Business Partner සම්මාන ද්විත්වයට හිමිකම් කීමට BARCLAYS COMPUTERS සමත් විය.

මෙම උත්සව අවස්ථාවට එක්වෙමින් Metropolitan Computers (Pvt) ltd හි සන්නාම කළමනාකරු සමිත පීරිස් මහතා මෙසේ අදහස් දැක්වීය. “අපගේ විශිෂ්ට හවුල්කාර ජාලය සමඟින් අප විසින් ලබා ඇති ප්රගතිය පිළිබඳ අප ඉතා සතුටට පත්වෙනවා. පසුගිය වසර තුළ දී Canon ප්‍රින්ටර වෙළෙඳපොළ කොටස සීඝ්‍ර වර්ධනයක් අත්පත් කර ගත්තා. Canon හා මෙට්‍රොපොලිටන් සන්නාමයන් මෙලෙස ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් කළ කැපවීම හා පරිශ්‍රමය වෙනුවෙන් අපගේ කොළඹ සහ පිටපළාත්වල හවුල්කාර ආයතන වෙත ස්තුතිය පුද කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.”

මෙම මාදිලි පෙළෙහි වඩාත් බලසම්පන්න ප්‍රින්ටරය ලෙසින් G4010 හැඳින්විය හැකිය. ප්‍රින්ටරය, කොපි යන්ත්‍රය, ස්කෑන් හා ෆැක්ස් යන විශේෂාංගවලින් මෙය සමන්විත වේ. රැහැන් රහිත බහුවිධ ක්‍රියාකාරී මෙම යන්ත්‍රය පේළි දෙකකින් යුතු LCD display තිරයකින් එන බැවින් සාමාන්‍ය පිටපත් කිරීමේ හා ස්කෑන් කිරීමේ කටයුතු වඩාත් පහසු කර තිබේ. නිවසේ පාචිච්චිය සහ කුඩා ව්යාපාර සඳහා වඩාත් ගැළපෙන ප්‍රින්ටරය ලෙසින් G3010 හැඳින්විය හැකිය. වයි-ෆයි තාක්ෂණය හරහා ජංගම දුරකථන, ටැබ්ලට්ස් හා ලැප්ටොප් මේ සමඟ සම්බන්ධ කළ හැකි අතර මුද්‍රණය, පිටපත් කිරීම හා ස්කෑන් අවශ්‍යතාවයන් ඒ මඟින් සපුරා ගත හැකිවේ. එකවර විශාල පිටපත් ප්‍රමාණයක් ගැනීම වැනි කාර්යයන් පහසු කිරීම පිණිස අඟල් 1.2 ක LCD display තිරයකින් එය සමන්විතය. එසේම පරිගණකයක් හෝ වයි-ෆයි සබඳතාවන් වැනි සහායකින් තොරව ප්‍රින්ටරය සකසා ගැනීම වැනි කාර්යයන් සඳහා ද එය උපකාරී වේ.

පරිගණකයක් ආධාරයෙන් විශාල පිටපත් ප්‍රමාණයක් මුද්රණය කිරීම වැනි අවශ්‍යතාවයන් සඳහා G2010 මාදිලිය කදිම විසඳුමකි. G3010 මාදිලිය ආකාරයේ මෙන්ම අඟල් 1.2 ක කාණ්ඩගත LCD පැනලයකින් එන මෙහි තිරය බහුවිධ පිටපත් ලබා ගැනීම පහසු කරලීමට උපකාරී වේ. මේ අතර ඉතා ඉහළ පරිමාවකින් යුතු මුද්‍රණ අවශ්‍යතා සඳහා G1010 ලබා දෙනුයේ හොඳම අඩු වියදම් විසඳුමකි. එමඟින් ලබා දෙන මුද්‍රිත පිටපත් ඉතා ඉහළ දීප්තියකින් යුතු අක්ෂර මෙන්ම විචිත්‍ර වර්ණයන් සෑම අවස්ථාවකදීම ලබා දේ.

මෙම Canon PIXMA Ink Efficient G Series ප්‍රින්ටර හතරෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ ඒවායේ වැඩිදියුණු කරන ලද අනුකලිත ink tank පද්ධතියයි. ප්‍රින්ටරයේ හිස (print head) කොටස සහ අපතේ යන මුද්‍රණ තීන්ත අවශෝෂණය කිරීමට සමත්  ඒකකය විසින් මුද්‍රිත ධාරිතාව වැඩිකිරීමට සමත් වී තිබේ. මේ අතර ඉතා කෙටි කාලයක දී විශාල පිටපත් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට හැකිවන අයුරින් ප්‍රින්ටරවල කල්පැවැත්ම ද වැඩිදියුණු කර ඇත.

මෙම අතිඋත්කර්ෂවත් උත්සව අවස්ථාවට එක්වෙමින් Canon Singapore (Pvt) Ltd හි උප සභාපති, Takeda Satoru මහතා මෙසේ කියා සිටියේය. “වර්ණ මුද්‍රණ පිටපත් සහ ඡායාරූප පිටපත් ඉතා අඩු වියදමකින් ලබා දීමට Canon සමත් වී සිටිනවා. එසේම විශාල පිටපත් ප්‍රමාණයක් කෙටිකාලයක දී ලබා දෙන බව සහතික කර සිටිනවා. දිගු වේලාවක් ක්‍රියාත්මක මුද්‍රණ වාරයන් සඳහා of the G1010, G2010, G3010 හා G4010 මාදිලිවල සමන්විත built-in refillable ink tank පද්ධතිය මෙහි ඇති ප්‍රධානතම විශේෂාංගයක්.“

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top