Pasidol

Sathosa

May 16, 2018

ලග්න වාසනාවේ සුපිරි ජයමල්ලේ හිමිකරුට සහ ලක්ෂපතියන් 21 කට මුදල් ත්‍යාග

සංවර්ධන ලොතරැයියේ ලග්න වාසනා 2284 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.59,32,368 ක මුදල දිනා ගැනීමට නාවලපිටිය යූ ඩබ් එන් ටී බණ්ඩාර මහතා වාසනාවන්ත වී තිබේ.

ලංගම බස් රථ කොන්දොස්තරවරයෙක් වන ඒ මහතාට  ඒ වාසනාව අලෙවි කර ඇත්තේ නාවලපිටිය ප‍්‍රදේශයේම අලෙවි නියෝජිතවරියක් වන ටී.යූ හෙට්ටිආරච්චි මහත්මියයි.

එම සුපිරි ජයමල්ලට හිමි මුදල් චෙක්පත බණ්ඩාර මහතා වෙත ප‍්‍රදානය කිරීම ඊයේ(15) දා  සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සුරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතාගේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ‍්‍රයේදී සිදුවිය.

බණ්ඩාර මහතාට මෙන්ම තවත් දස ලක්ෂපතියන් 21 දෙනෙක්ට අදාළ මුදල් චෙක්පත් පිරීනැමීමද එදින සිදුවිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top