Pasidol

Sathosa

May 24, 2018

ASUS, සිංගර් ශ්‍රී ලංකා හා එක්වෙයි

ලොව ප්‍රකට ASUS නෝට්බුක් ශ්‍රී ලංකාවේ බෙදාහැරීම් නියෝජිතයා ලෙස සහ එකම Large Format Retailer (LFR) වශයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු  වන සිංගර් ශ්‍රී ලංකා  පත්කරනු ලබයි.

ලොව ප්‍රකට ASUS ලැප්ටොප් හි නවතම නිෂ්පදාන පෙළක් එළිදැක්වීම සඳහා පසුගියදා කොළඹදී පැවති උත්සවයකදී මෙම වෙළඳ සහයෝගීතාව පිළිබද නිල වශයෙන් නිවේදනය කෙරිණි. සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්, සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී  හි වෙළඳ අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ,ආදී සිංගර් සමාගමේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්වූ අතර  ASUS සන්නාමය වෙනුවෙන් මෙරට නිෂ්පාදන කළමණාකාරිණි ලයිලා ලින්, ශ්‍රී ලංකාව සහ මාල දිවයින සඳහා වන කළමණාකරු  ඉෂිකි ඉර්ෂාඩ් සහ වෙළද හා මහා පරිමාණ බෙදාහැරීම් කළමණාකරු  කසුන් අන්ද්‍රමානගේ මහතා සහභාගි විය.

පරිගණක දෘඩාංග ක්ෂේත්‍රයේ බහු ජාතික දැවැන්තයෙකු වන ASUS ස්මාර්ට් ජීවන රටාවක් සඳහා අවශ්‍ය වන උපකරණ නිපදවන ලොව ප්‍රමුඛතම සමාගමකි.  ASUS ලෝකයේ අංක 1 මදර්බෝඩ් සහ පරිගනක ක්‍රීඩා සඳහා යොදාගන්නා සන්නාමය වන අතර නෝට්බුක් පරිගණක ක්ෂේත්‍රයේ ලොව තුන්වන තැන හිමිකරගෙන සිටියි. ASUS ලැප්ටොප් මාදිලි කිහිපයක් පමණක් පසුගියදා පැවති උත්සවයේදී එළි දැක්වූ අතර විවිධ පාරිභෝගිකයින්ගේ විවිධ වූ අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් එකිනෙකට වෙනස් මිළ ගණන් යටතේ සහ විශේෂාංග සහිතව නව ලැප්ටොප් මාදිලි ගණනාවක් ASUS විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. Intel 8th gen Core i series ප්‍රොසෙසරයකින් යුතු ව සහ නියමWindows 10 මෙහෙයුම් පද්ධතියකින් සමන්විතව ASUS ලැප්ටොප් වෙළඳ පලට එයි. මීට අමතරව FHD anti-glare screen, Finger print reader, Asus fast charging technology සහ  NVIDIA® GeForce® MX130 dedicated graphics card ආදී  ආවේණික විශේෂාංග රැසකින් ද මෙම ලැප්ටොප් සමන්විත වෙයි.

ASUS හි මෙරට නිෂ්පාදන කළමණාකාරිනි  ලයිලා ලින් සඳහන් කළේ  ASUS ලැප්ටොප් මෙරට සෑම ප්‍රදේශයකම පාරිභෝගිකයින් වෙත සමීප කරවීමේ ක්‍රියාලිය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට සිංගර් හා සමාන වෙනත් සමාගමක් ශ්‍රී ලංකාවේ නොමැති බවයි. වසර ගණනක් පුරා තත්වයෙන් උසස් සන්නාම පාරිභෝගිකයින් වෙත හඳුන්වාදීමෙන්  සිංගර් විසින් ගොඩනගාගෙන ඇති පාරිභෝගික විශ්වාසය සහ විශිෂ්ඨ අසම සම සේවය නිසා පෙනුමෙන්, තාක්ෂණයෙන් සහ බලයෙන් උසස්  ASUS ලැප්ටොප් මෙරට පාරිභෝගිකයාට සමීප කරවීම ඉතා පහසුවෙන්  සිදුකළ හැකිවන බවට ඇය විශ්වාසය පළ කළාය.

සිංගර් සහ  ASUS අතර වන  මෙම සුවිශේෂී සබඳතාව පිළිබඳ අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ ලෝ ප්‍රකට උසස්  නිෂ්පාදන මෙරටට හඳුන්වා දීමේ  ක්‍රියාවලියෙහි තවත් එක් අදියරක් ලෙස  මෙම අවස්ථාව හැදින්විය හැකි බවයි. ජාත්‍යන්තර තාක්ෂණික ක්ෂේත්‍රයේ  ප්‍රමුඛතම සන්නාමයක් වන ASUS ලොව ප්‍රධානතම නිෂ්පාදනයක් බව පෙන්වා දුන් අසෝක පීරිස් මහතා කියා සිටියේ   මෙම වෙළද සහයෝගීතාව තුළින් ලොව ප්‍රමුඛතම තාක්ෂණය  අත්විදීමේ සුවිශේෂි අවස්ථාවක් මෙරට  පාරිභෝගිකයින් වෙත හිමිවන බවයි. සම්මාන දිනු නිෂ්පාදනයක් වන ASUS මෙරට විශිෂ්ඨතම පාරිභෝගික භාණ්ඩ බෙදාහරින්නා  සහ අලෙවිකරු වන සිංගර්  ශ්‍රී ලංකා හා එක්වීම තුළින් ශ්‍රී ලාකිකයින්ට උසස්තම නිෂ්පාදනයන් භාවිත කිරීමේ අවස්ථාව හිමිවන බවද අසෝක පීරිස් මහතා  සඳහන් කළේය.

ASUS ලැප්ටොප් වසර දෙකක ජාත්‍යන්තර නිෂ්පාදන වගකීම් සහතිකයක් සමඟ මෙරට අලෙවි කෙරෙන අතර සිංගර් සමාගම වෙතින්ද තවත් වසර  දෙකක වගකීම් සහතිකයක් ලබාගැනීමේ හැකියාව පවතියි. මේ අනුව පාරිභෝගික කැමැත්ත මත වසර 4ක් දක්වා වන වගකීම් සහතික මෙම ASUS ලැප්ටොප් සඳහා ලබාගත හැකිවෙයි. දිවයින පුරා පිහිටි සියලුම සිංගර් අලෙවි සැල් වෙතින් මෙම නවතම ASUS ලැප්ටොප් මිළදී ගැනීමට හැකියාව ඇත.

මෙරට විශාලතම බෙදාහැරීම් ජාලය සිංගර් ශ්‍රී ලංකා සමාගම සතුවන අතර සිංගර් මෙගා, සිංගර් ප්ලස්, සහ සිසිල් වර්ල්ඩ් ආදී වශයෙන් වන එම අලෙවි ජාලය දිවයින පුරා  විහිදී  පවතියි.

වසර 2015 සහ 2016 වසර වලදී ලෝ ප්‍රකට ෆෝචූන් සඟරාව විසින් ලොව වඩාත්ම ගෞරවනීය සමාගම් කිහිපය අතුරින් එකක් ලෙස ASUS සමාගම නම් කර තිබේ. එමෙන්ම ගතවූ වසර 4 තුළ ඉන්ටර්බෑන්ඩ්ස්  විසින් නම් කළ ලොව වටිනාතම සන්නාම අතර ASUS සන්නාමය ද වෙයි.  තායිවානය තුළ වටිනාතම ජාත්‍යන්තර සන්නාමය වන ASUS හි පර්යේෂණ හා සංවර්ධන අංශය ඇතුළු අංශ රැසක 17000 කට අධික පිරිසක් සේවය කරති.  විශේෂ සම්මාන 4385 ක් මේ වන විට හිමිකරගෙන සිටින ASUS හි වාර්ෂික වත්කම වසර 2016 දී ඇමරිකානු ඩොලර් බිලියන 13.3 ක් විය.

ASUS සන්නාමය ස්ථාපිත කිරීමේදී (Large Format Retailer (LFR) වශයෙන් සිංගර් ශ්‍රී ලංකා සමාගමට සුවිශේෂී කාර්ය භාරයක් පැවරී තිබේ. සිංගර් ශ්‍රී ලංකා සමාගම  දිවයින පුරා විහිදී  ඇති සිය අති විශිෂ්ඨ අලෙවි ජාලය ඔස්සේ එම කාර්ය භාරය මැනවින් ඉටු කරමින් ASUS ලැප්ටොප් මෙරට සෑම ප්‍රදේශයකම පාරිභෝගිකයින් වෙත ගෙනයනු ඇත.  ශ්‍රී ලංකාවේ අංක 1 සන්නාමය වන සිංගර්  SLIM-Nielson ජනතා  සම්මාන උළෙලේදී  අඛණ්ඩව 12 වන වරටත් මෙරට ජනප්‍රියතම වෙළඳ නාමය ලෙස පිදුම් ලැබීය. මෙම ශක්‍යතා භාවිත කරමින් ASUS ලැප්ටොප් මෙරට පාරිභෝගිකයා වෙත පහසුවෙන් සමීප කරවීමේ හැකියාව සිංගර් සතුව පවතියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top