Pasidol

Sathosa

Jun 11, 2018

තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතියක් ගාල්ලේ!

මෙරට තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය ක්ෂේත්‍රය ප්‍රාදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතියක් ගාලු පුරවරයේ පැවැත්වීමට කටයුතු කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා අධ්‍යාපන අමාත්‍යංශයේ සහය සහිතව පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාව ජුනි 22, ජූලි 06 හා ජූලි 07 දිනවලදී පැවැත්වේ.

සිය අනාගත වෘත්තිය ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය තෝරාගැනීමට පාසැල් දරුවන් පෙළඹවීමේ අරමුණෙන් පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාව විසින් දරු දැරියන් හට මෙන්ම පාසැල් විදුහල්පතිවරුන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් හා දෙමාපියන් සඳහා ද වැඩමුළු හා වැඩසටහන් සංවිධානය කර ඇත.

මෙය, SLASSCOM විසින් ප්‍රාදේශීය මට්ටමින් පවත්වනු ලබන තෙවැනි තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතියයි.

මීට පෙර එය යාපනයේදී (2014) හා මහනුවර දී (2016) පැවැත්විණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top