Pasidol
Sathosa
Jun 12, 2018

දේශීය එකෝ බාම් විශේෂ නිෂ්පාදන පෙළ වෙළෙඳපලට (ඡායා)

එකෝ සිලොන් ග්ලෝබල් පුද්ගලික සමාගම විසින් “එකෝ බාම් “ යන සන්නාමය යටතේ නිපදවන දේශිය බාම් නිෂ්පාදන පෙළක් ඊයේ (11) කොළඹදී වෙළඳපලට හඳුන්වා දෙනු ලැබුණි.

මුල් අදියරේදී මෙම නිෂ්පාදන තෝරාගත් අලෙවිසැල් කිහිපයකට පමණක් නිකුත් කිරීමට අපේක්ෂිත අතර ඉදිරි මාස කිහිපය තුළදී දිවයින පුරා බෙදාහැරීමට සැලසුම් කර තිබේ.

පාරම්පරික ඖෂධ සංයෝජනයෙන් සකස් කරගන්නා වට්ටෝරුවකට අනුව එකෝ බාම් නිෂ්පාදනය කරනු ලබයි. අනිකුත් දේශීය බාම් වර්ග වලට විකල්පයක් ලෙස මෙම එකෝ බාම් වෙළඳ පළට හදුන්වා දීමට නියමිතය. මෙන්තෝල් ක්‍රිස්ටල්, කපුරු, කරාඹුනැටි තෙල්, කැජුපුට් ඔයිල්, පෙපර්මින්ට් ඔයිල්, ඉයුකැලිප්ටස් ඔයිල් ආදී අමුද්‍රව්‍ය රැසක් යොදාගනිමින් උසස් තත්වයෙන් මෙම එකෝ බාම් නිපදවනු ලබයි. මෙම එකෝ බාම් විශේෂයෙන් නිපදවා ඇත්තේ ශීත සහ තාප යන අන්ත වල ද්වි කාර්යය එකම අවස්ථාවකදී සිදුවන ආකාරයට වන අතර ආලේප කරන ප්‍රදේශයේ ස්නායු අන්තය දක්වා මෙහි ක්‍රියාකාරීත්වය සිදුවෙයි. එම සමාගමේ පර්යේෂන කණ්ඩායම සඳහන් කර ඇත්තේ මෙම බාම් විශේෂය ආලේප කිරීමෙන් පසු මිහිරි සුවඳක් ද වහනය වන බවයි.

එකෝ බාම් - රතු, එකෝ බාම් - සුදු, එකෝ බාම් ඔයිල් සහ මදුරු විකර්ෂණ ස්ප්‍රේ ලෙස වෙළඳ පලට හදුන්වා දී ඇති මෙම එකෝ බාම් විශේෂය ශ්‍රී ලාංකිකයාගේ යහ පැවැත්ම සඳහාම නිපදවූවකි. එකෝ බාම් රතු කොන්දේ කැක්කුම, මස්පිඩු වේදනාව, උලුක්කු,කෙණ්ඩා පෙරලීම් සහ කෘමින් සපාකෑම් සඳහා යෝග්‍ය වන අතර එකෝ බාම් සුදු විශේෂය ද ඒ හා සමාන ආබාධ සඳහා යෝග්‍ය වෙයි. පුළුල් ප්‍රදේශයක වේදනාව පැතිරී ඇති විට අලේප කළ හැකි එකෝ බාම් ඔයිල් විශේෂය භාවිත කිරීමේ පහසුව වෙනුවෙන් නිපදවා තිබේ. එකෝ බාම් විසින් හඳුන්වා දෙන තවත් සුවිශේෂි නිෂ්පාදයක් වන්නේ මදුරු විකර්ෂණ ස්ප්‍රේ විශේෂයයි. සම්පූර්ණයෙන්ම ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇති මෙහි ස්වාභාවික කපුරු තෙල්, පැඟිරි හා ලෙමන් ග්‍රාස් අඩංගුවෙයි. දේශිය ගෘහස්ථ පරිසරයට අතිශය තර්ජනකාරී මදුරු උවදුරින් ආරක්ෂා වීමට මෙම නිපැයුම කදිම විකල්පයකි.

මෙම නව හඳුන්වාදීම පිළිබඳව අදහස් දැක්වූ එකෝ සිලෝන් ග්ලොබල් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මනෝජ් චතුරංග මහතා සඳහන් කළේ මෙම නවතම නිෂ්පාදන පෙළ දේශිය සමාගමක් වන එකෝ සිලෝන් ග්ලොබල් පුද්ගලික සමාගම යටතේ හඳුන්වා දීමට ලැබීම මහත් ආඩම්බරයක් බවයි. “වේදනාව කොතන ද සහනය එතැනයි “ යන තේමාව යටතේ මෙම නිෂ්පාදන පෙළ හදුන්වා දෙන බව ඒ මහතා සඳහන් කළේය. දෛනිකව ඇතිවන වේදනාවන් සමනය කර ගැනීම සඳහා විශ්වසනීය ලෙස භාවිත කළ හැකි වේදනාවට සහනය ගෙන දෙන ආරක්ෂාකාරී නිෂ්පාදනයක් පිළිබඳව පාරිභෝගිකයා තුළ ඇති අපේක්ෂාව මැනවින් හඳුනාගනිමින් මෙම එකෝ බාම් නිපදවා ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එකෝ සිලෝන් ග්ලොබල් පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂිකා යමුනා කාලියදාස මහත්මිය මෙහිදී සඳහන් කර සිටියේ එකෝ සිලෝන් ග්ලෝබල් හි අරමුණ දේශිය ඖෂධ සාරය ජාත්‍යන්තරට හදුන්වා දෙමින් මෙම සන්නාමය ජාත්‍යන්තර සන්නාමයක් බවට පත් කිරීම බවයි. වසර 2019 මුල් කාර්තුව වන විට ශ්‍රී ලංකා වෙළඳ පලින් 25% ක කොටසක් අත් පත් කරගැනීමට සිය සමාගම සැලසුම් කර ඇති බව ද ඇය පෙන්වා දුන්නාය. ඒ සඳහා සිය සමාගම විසින් පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් නව නිෂ්පාදන රැසක් වෙළද පලට ඉදිරිපත් කරමින් කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවද ඇය සඳහන් කළාය. මෙහිදී පරිසර හිතකාමී නිෂ්පාදන භාවිතය වෙත පාරිභෝගිකයා උනන්දු කරලීමට ද අපේක්ෂා කරන බව ද ඇය සිහිපත් කළාය.

“ වේදනාව කොතන ද සහනය එතැනයි “ යන තේමාව යටතේ වෙළඳ පලට හඳුන්වා දෙන එකෝ බාම් සහනදායි මිළ ගණන් යටතේ අලෙවි කෙරෙන අතර වේදනාවට ඉක්මනින් සහනය ලබාගත හැකි නිසි ක්‍රමවේදය පිළිබඳව පාරිභෝගිකයා තුළ අවබෝධයක් ඇති කරලීම එහ අරමුණ වී තිබේ. ජාත්‍යන්තර තත්වයන්ට හා ප්‍රමිතීන්ට අනුව සකසන ලද ඇසුරුමකින් වෙළඳ පලට එන එකෝ බාම් සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින් සඳහා ආරක්ෂාකාරීව භාවිත කිරීමට සුදුසු නිෂ්පාදනයකි. එකෝ බාම් හි සියලු නිෂ්පාදන කටයුතු එකෝ සිලෝන් ග්ලෝබල් පුද්ගලික සමාගම විසින් සිදු කරන අතර අලෙවිය සහ බෙදාහැරීම සිදුකරනු ලබන්නේ මෙරට ප්‍රමුඛතම ඖෂධ බෙදාහැරීමේ සමාගමක් වන Emerchemie NB (Ceylon) Ltd විසිනි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top