Pasidol
Sathosa
Jun 14, 2018

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් තවත් කෝටිපතියෙක්!

සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගියදා තවත් අති විශාල ජයමල්ලකට උරුමකම් කියන තවත් කෝටිපතියෙක් බිහිකරන්නට සමත් විය.

ඒ “නියත ජය” 672 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.1,53,26,748 ක මුදල ගම්පොල ප්රදේශයේ කේ.ඩී.ඒ.සී අබේගුණවර්ධන මහතාට දිනාදෙමිනි. ඔහුට එම වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කර තිබුණේ මහනුවර අලෙවි නියෝජිත එම්.ආර්.ඒ.පී සැම්සන් මුණිතුංග මහතා විසිනි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් මගින් බිහිකළ කෝටිපති ජයග්රාහකයින් ගොන්නට එක් වූ එම වාසනාවන්තයාට හා අලෙවි නියෝජිත මහතාට හිමි ත්‍යාග මුදල් ප්‍රදානය පසුගිය 12.06.2018 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් හා ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතාගේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ්‍රයේදී සිදුවිය.

තවද ලග්න වාසනාව 2304 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු. 61,77,564 ක මුදල දිනාගත් මුල්ලේරියාව සිට පැමිණි පී හාමර් මෙනවියට හා එය අලෙවි කළ වැලිවිට අලෙවි නියෝජිත ආර් කේ ගාමිණි රාජපක්ෂ මහතාටත් ලග්න වාසනාව 2307 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු. 24,25,008 ක මුදල දිනාගත් බත්තරමුල්ල ඒ ඒ ටී එන් අමරසිංහ මහතාට හා එම වාසනාවන්ත ටිකට්පත අලෙවි කළ පිටකෝට්ටේ අජිත් අලහකෝන් මහතාටත් මෙහිදී අදාළ මුදල් චෙක්පත් ප්‍රදානය කරන ලදී.

තවදුරටත් සිහිනයක් නොවූ සුපිරි ජයමල්ල දිනාගැනීමේ වාසනාවට හෙට දිනයේදී ඔබටද උරුමකම් කීමට හැකි බව සිහිපත් කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් එවන් වාසනාවක හිමිකරුවකු වීමට වැඩි වැඩියෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් මිළදී ගන්නා ලෙස මහජනයාට ඇරයුම් කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top