අවිස්සාවේල්ලේ සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාව එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් නිෂ්පාදනය දෙගුණයකින් වර්ධනය කිරීමට සමත්ය. එමගින් එලිෆන්ට් හවුස් නිෂ්පාදන පෙළ ද තවත් පුළුල් කෙරේ.
වසර 150ක අත්දැකීම් සම්භාරයක් සමගින් එලිෆන්ට් හවුස් සමාගම මෙරට පාරිභෝගික ජනතාවගේ ආදරය දිනාගත් උසස්ම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන නිරන්තරයෙන් වෙළඳපලට හඳුන්වා දෙයි. අසමසම IMORICH අයිස්ක්‍රීම් පෙළ මෙන්ම තාරුණ්‍යයේ නොමඳ ආකර්ෂණය දිනාගත් වොන්ඩර් බාර් සහ වොන්ඩර් කෝන් මෑතකදී හිමිකර ගත් සුවිශේෂී සාර්ථකත්වය ද සමගින් එලිෆන්ට් හවුස් සමාගම අයිස්ක්‍රීම් වෙළඳපලේ ප්‍රමුඛයා බවට පත්ව සිටී.
මෙම නවීන අයිස්ක්‍රීම් කර්මාන්ත ශාලාව මෙහෙයවනු ලබන්නේ සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක්වන ද කලම්බෝ අයිස් කම්පනි සමාගම විසිනි.
"මෙම නවීනතම තාක්ෂණයෙන් යුතු ලෝක මට්ටමේ කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු ආරම්භ කර මාස 15ක් වැනි කාලයක් තුළ එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. අපගේ ව්‍යාපාරික කටයුතුවල මීළඟ අදියරට පා තබන අතරම දේශීය අයිස්ක්‍රීම් කර්මාන්තයට නව ප්රමිතීන් හඳුන්වා දීමට හැක්විම පිළිබඳ අප ආඩම්බර වනවා" යනුවෙන් ජෝන් කීල්ස් සමූහයේ පාරිභෝගික ආහාර අංශයේ සභාපති ජීත් ගුණරත්න මහතා සඳහන් කළේය.
කර්මාන්ත ශාලාව උඩු ගුවනට පෙනෙන අයුරු