ලංකා සතොස අලෙවිසල් ජාලා 398 ක් දිවයින පුරා විසිරී තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ඇමැති රිෂාඩ් බද්යුදීන් මහතා පැවසීය.
රජයට අයත් විශාලතම සිල්ලර අලෙවිසල් ජාලය වන සතොසෙහි පිරිවැටුම රුපියල් බිලියන 31 ක් දක්වා ඉහළ අගයක් ලබාගෙන තිබෙන බව ද ඇමැතිවරයා කීවේය.
එය 2016 වසරට සාපේක්ෂව සියයට 16 ක වර්ධනයක් බව ද 2019 වසරේ සිට ලංකා සතොස විද්‍යුත් වාණිජ්‍යය උපයෝගී කරගෙන ගනුදෙනු කිරීමේ කටයුතු ආරම්භ කරන බව ද රිෂාඩ් බද්යුදීන් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.