Pasidol

Sathosa

Aug 10, 2018

තරු අතර දිලෙන ඉන්දීය විලාසිතා සමග AURA හෙට විවෘත වෙයි!

දශක ගණනාවක් පුරාවටම ලොව විලාසිතා ලෝකය තුළ සාම්ප්‍රදායික ඉන්දීය ඇඳුම් විලාසිතා සඳහා හිමිවූයේ සුවිශේෂී ස්ථානයකි. 
සාරි, ලෙහෙන්ගා, කුර්තා, ෂල්වාර් කමීස් ඇතුළු සාම්ප්‍රදායික ඉන්දීය විලාසිතා මේ වන විට ඉන්දීය ජාතිකයන් අතර පමණක් නොව නොව පුරා සිටින ඉන්දීය ජාතිකයන් නොවන්නන් අතරද ඉහළ ජනප්‍රියත්වයක් උසුලයි. 
 
විශේෂ උත්සව අවස්ථාවන් වලදී වෙනත් අයට වඩා නව පෙනුමකින් යුත් ඇඳුම් පැළඳුම් වලින් සැරසීමට කාන්තා පාර්ශවය උත්සුක වන අතර, පවුලේ විවාහ උත්සවයක් පවතින අවස්ථාවකදී ඉන්දියාව වෙත ගොස් ඇඳුම් ආයිත්තම් මිලදී ගැනීමට බොහෝ පුද්ගලයන් උනන්දු වන්නේ ද මේ හේතුවෙනි. මේ වන විට විශිෂ්ට මට්ටමේ පවතින සාම්ප්‍රදායික, haute couture ඉන්දීය ඇඳුම් විලාසිතා මෙරටටම ගෙන්වීමට AURA විලාසිතාගාරය කටයුතු කර තිබේ.
 
ශ්‍රී ලාංකික නෙතට හුරු සාම්ප්‍රදායික විලාසිතාගාරයකට වඩා වෙනස් ස්වරූපයක් දරණ AURA විලාසිතාගාරය, නො. 95, රොස්මිඩ් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේදී පිහිටා ඇති අතර, සුප්‍රකට නළු නිළියන්, ගායක ගායිකාවන් ඇතුළු කලාකරුවන්, ක්‍රිකට් ක්‍රීඩකයින් හා වෘත්තිකයින්, ව්‍යාපාරිකයින් හා ප්‍රභූ දේශපාලකයින් ගේ සහභාගීත්වයෙන් හෙට (11) පෙ.ව. 11.00ට විවෘත වීමට නියමිතය.
 
ඉන්දීය සාම්ප්‍රදායික ඈදුම් පැළදුම් හා විලාසිතා සංස්කෘතියේ සුභවාදී ප්‍රවණතා අපේ රට තුල ප්‍රවර්ධනය කරමින් මෙම විලාසිතාගාරය ක්‍රියාත්මක වන අතර පාරිභෝගිකයින්ට ඉතා පෞද්ගලික අවධානය ලබා දෙමින් විලාසිතා හා ඈඳුම් පැළඳුම් පිළිබඳව උපදේශනය ලබා දීමටත්, ඉතා උසස් ගණයේ නියම ඉන්දියානු ඈඳුම් පැළඳුම් හා විලාසිතා දැරිය හැකි සාධාරණ මිලකට ලබා ගැනීමටත් අවස්ථාව උදා කරයි.
 
නියම ඉන්දියානු  සාම්ප්‍රදායික කාන්තා ඇඳුම්,සපත්තු, අත්බෑග, ආභරණ හා ආයිත්තම් මෙන්ම නවතම විලාසිතා වලට අනුව සැකසුනු මංගල ඇඳුම් එකතුවක් ද AURA විලාසිතාගාරයෙන් ලබාගත හැක. මෙම සෑම භාණ්ඩයක්ම එකිනෙකට සුවිශේෂී ලෙස නිර්මාණය කර ඇති අතර, ඉහළ තත්ත්වයකින් යුත් ඉන්දීය රෙදිපිළි වලින් නිර්මාණය වූ මෙම විලාසිතා, ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල සාම්ප්‍රදායික අත්කම් නිර්මාණ වැඩ හැඩගැන්වී ඇත.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top