nsb
Sathosa

Sep 13, 2018

Hikvision හි EZVIZ කැමරා ආරක්ෂණ පද්ධති මෙරටට (ඡායා)

ලොව ප්‍රකට ආරක්ෂක කැමරා සහ උපාංග සන්නාමයක් වන Hikvision සමාගමෙහි මෙරට අනුබද්ධිත ජාතික ඛෙදාහරින්නා වන IT Gallery ආයතනය විසින් EZVIZ ස්මාර්ට් නිවාස කැමරා ආරක්ෂණ පද්ධතිය පළමු වරට ශ්‍රී ලංකාවට හදුන්වා දීමේ උත්සවය ඊයේ (12) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්සවශ්‍රියෙන් අති සාර්ථකව පවත්වන ලදී.

ලොව ආරක්ෂක කැමරා සහ උපාංග නිෂ්පාදනයෙහි අංක එකේ රැඳී සිටින Hikvision සමාගම ආරක්ෂක කැමරා පද්ධති ඩිජිටල්කරණය, ජාලකරණය සහ කෘත්‍රිම බුද්ධිය මෙහෙයවීම ආදී නවීන උපාංග රැසක් හඳුන්වාදීමෙහි ලා ප්‍රමුඛව කටයුතු කරන ආයතනයකි. එහි අනුබද්ධිත සන්නාමයක් වශයෙන් මෙම නවතම EZVIZ නිවාස ආරක්ෂණ පද්ධතිය මෙරටට හඳුන්වා දෙනු ලැබීය. මෙම නවතම සන්නාමය යටතේ තොරතුරු ගබඩාකරණ විසඳුම්, ස්මාර්ට් නිවාස විසඳුම් (EZVIZ), වයර් සහිත සහ වයර් රහිත (wireless) එලාම් පද්ධති (pyronix), මෙන්ම දත්ත හුවමාරු කරණ උපකරණ හා මාධ්‍ය ආදී අංග රැසක් ද මේ යටතේ හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා EZVIZ නිවාස ආරක්ෂන පද්ධති මෙරට ඛෙදාහැරීමේ ප්‍රමුඛයින් වන IT Gallery ආයතනයට අනුබද්ධිත ප්‍රාදේශිය නියෝජිතවරුන් එක්ව සිටි අතර අදාල ක්ෂේත්‍රෙයේ ඉදිරිපත් කිරීම් හතරකින්ද මෙම අවස්ථාව සමන්විත විය. තවද Hikvision කැමරාවලට අදාල වන TVI,IP, EZVIZසහ ගබඩාකරණ තාක්ෂණය ද, CCTV වලට අදාළ නොවන අනිකුත් නිෂ්පාදන රැසක් පිළිබඳව ද මෙහිදී ඉදිරිපත් කරන ලදී.

ගෙවුනු වසර පුරා දක්ෂතා දැක්වූ සිය සමාගමට අනුබද්ධිත නියෝජිතයින් ඇගයීම ද මෙහිදී සිදුකෙරුණු අතර ඒ සඳහා දිවයින පුරා සිටින සිය නියෝජිතවරුන් 350 කට අධික පිරිසක් එක්ව සිටියහ. මේ අතරින් ප්‍රමුඛ ඛෙදාහරින්නන් "Gold Dealer Partners" ලෙස හැඳින්වූ අතර අනිකුත් විසඳුම් සහ පද්ධති සහකරුවන් "Gold Value Added Solution Partners" ලෙස මෙහිදී ඇගයීමට ලක්විය.

ජාත්‍යන්තර ප්‍රමුඛ සන්නාම වලින් යුතු තොරතුරු තාක්ෂණික උපකරණ මෙරට ඛෙදාහැරීමේ ප්‍රමුඛතම ආයතනයක් වන IT Gallery ආයතනය සිය මෙහෙයුම් ආරම්භ කළ 2007 වසරේ සිට අඛණ්ඩව සිය ජාලය දිවයින පුරා පුළුල් ලෙස ව්‍යාප්ත කරමින් පද්ධති සහකරුවන්, ප්‍රති අලෙවිකරුවන්, සහ උපදේශකවරුන් රැසකගෙන් සැදුම් ලත් සමාගමක් බවට අද බවට පත්ව ඇත. Hikvision නිෂ්පාදන වලට අමතරව EAST විද්‍යුත් සහ UPS විසදුම්, කළු සහ සුදු ලේසර් ප්‍රින්ටර්ස් සහ ටෝනර්ස් , A4Tech පරිගණක උපාංග, OCEAN බහුමාධ්‍ය නිපැයුම්, සහ GNG සංයුක්ත ටෝනර්ස් සඳහා ද මෙරට ඛෙදාහැරීමේ පූර්ණ නියෝජිතත්වය දරයි.

මෙම අවස්ථාව ඇමතූ IT Gallery කොම්පියුටර්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත පෙරේරා මහතා සඳහන් කළේ ්‍ Hikvision සන්නාමය ලොව විශාලතම ආරක්ෂිත කැමරා සහ උපාංග නිෂ්පාදකයා ලෙස දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද කීර්තිමත් නාමයක් දිනා ඇති බවයි. Hikvision හි අනුබද්ධ ආයතනයක් වන EZVIZ යනු පාරිභෝගික මෙන්ම ගෘහ ඒකක ඉලක්ක කරගනිමින් ආරක්ෂිත උපාංග නිෂ්පාදනය කීරිම සඳහා වන සන්නාමයක් බවත් ආරක්ෂිත කැමරා සහ උපාංග ක්ෂේත්‍රයේ Hikvision හි විශේෂඥ භාවය යොදාගනිමින් ස්මාර්ට් නිවාස වෙළඳ පොලට පිවිසීම සඳහා EZVIZ නිර්මාණය කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

නිවාස ආරක්ෂාව සඳහා වන ඉල්ලුම දිගින් දිගටම ඉහළයාම නිසා මෙන්ම පාරිභෝගිකයින් නවීන, තත්වයෙන් උසස්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන වගකීමක් සහිතව ලබාගැනීම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බවත් ඒ මහතා පැවසීය. ඒ සඳහා වන විසඳුමක් ලෙස EZVIZ හඳුන්වා දෙන බව ඩිලන්ත පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වූ IT Gallery කොම්පියුටර්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ගතවූ වසර පුරා අනිකුත් නිෂ්පාදන අලෙවිය සඳහා කැපවීමෙන් කටයුතු කළ සියලු නියෝජිතවරුන් වෙත සිය ප්‍රණාමය පුදකර සිටියේය. ඔවුන්ගේ වෙහෙස සහ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස තරගකාරී වෙළද පළ තුළ අභියෝග ජය ගනිමින් සිය නිෂ්පාදන පරාසය පුළුල් කිරීමට හැකීවු බව ද හෙතෙම කියා සිටියේය. එමෙන්ම ඉදිරියේදී නව නියෝජිතයින් රැසක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව ද තම ප්‍රති අලෙවිකරුවකු වීමට කැමති අයට Hikvision වැනි ජාත්‍යන්තර සන්නාම අලෙවිකරුවෙකු වීම සඳහා අවස්ථාව ඇති බව ද සඳහන් කළේය.

Hikvision සමාගම යනු ලොව ප්‍රමුඛතම වීඩියෝ, ආරක්ෂක උපාංග සහ විසඳුම් සැපයුම්කරණ සමාගමකි. ශ්‍රව්‍ය හා දෘෂ්‍ය උපාංග නිෂ්පාදනය, වීඩියෝ ඉමේජ්, අදාල දත්ත ගබඩාකරණය, පමණක් නොව ක්ලවුඩ් කම්පියුටින්ග්, මහා පරිමාණ දත්ත මෙහෙයුම්, ආදී ක්ෂේත්‍ර දක්වා ද Hikvision සමාගම සිය කටයුතු මෙහෙයවා තිබේ. දැනට 30000කට අධික පිරිසක් මෙහි සේවය කරන අතර ඒ අතුරින් 9300 ක් පමණ දෙනා පර්යේෂණ හා සංවර්ධන ඉංජිනේරුවරු වෙති. මෙම සමාගම සිය වාර්ෂික ආදායමින් 7% - 8% ත් අතර ප්‍රමාණයක් පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය සඳහා වැය කරනු ලබයි.

1.1

1

2

3

4

6

8

9

10

11

12

13

14

15

16

17

18

22

23

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top