Pasidol

Sathosa

Sep 14, 2018

සෝනි හි නවතම අධි බලැති ගෘහස්ථ ඕඩියෝ පද්ධති මෙරටට (ඡායා)

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම සහ සෝනි ඉන්ටර්නැෂනල් එක්ව නවතම අධි බලැති ගෘහස්ථ ඕඩියෝ පද්ධති 6ක් හඳුන්වා දෙයි.

පසුගියදා කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මෙම හඳුන්වාදීම උත්සවාකාරයෙන් පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා සිංගර් ශ්‍රී ලංකා හි සභාපති මොහාන් පණ්ඩිතගේල සිංගර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්ල ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මහේෂ් විජේවර්ධන, අලෙවි අධ්‍යක්ෂ කුමාර සමරසිංහ, සිංගර් ශ්‍රී ලංකා හි සන්නාම කළමණාකරු තාරක වර්ණකුලසූරියල සෝනි ඉන්ටර්නැෂනල් සිංගප්පූරු සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ශාඛා ප්‍රධානි ජස්ටින් වොන්ග්ල සෝනි අග්නිදිග ආසියා කලාපීයානූ අලෙවිකරණ ප්‍රධානී ජෙරමි හෙන්ග් සහ සෝනි ඉන්ටර්නැෂනල් සිංගප්පූරු සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ වෙළඳ ප්‍රධානි ඩිල්ශාන් ගම්මන්පිල යන මහත්වරු එක්ව සිටියහ. එමෙන්ම සෝනි ඕඩියෝ නිෂ්පාදන සදහා මෙරට සන්නාම තානාපතිවරුන් වන භාතිය සහ සන්තුෂ් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී අධි බලැති ඕඩියෝ පද්ධති 6ක් හඳුන්වා දුන් අතර ඉන් මාදිලි 3ක් all-in-one box වර්ගයේ (MHC-V81D,MHC-V71Dand MHC-V41D) සහ සෙසු පද්ධති Shake 3-box (MHC-M60D, MHC-M40D and MHC-M20D) වර්ගයේ වීම විශේෂත්වයකිග මෙම සියලු පද්ධති ඕනෑම ගෘහස්ථ පරිසරයක් සඳහා සුදුසු වන ආකාරයට නිපදවා තිබේ.

3-box මාදිලියේ ඕඩියෝ පද්ධති දෛනික ශබ්ද අවශ්‍යතා සහ සති අග සාද සඳහා සුදුසු වන අතර CD, DVD, HDMI, OUT(ARC), USB, Bluetooth ආදි පහසුකම් හා සම්බන්ධ කළ හැකි අතර ගිටාරයක් හෝ මයික්‍රොෆෝනයක් වුවද පහසුවෙන් සම්බන්ධ කළ හැකිය. තවද මීට අමතරව WirelessParty Chain via Bluetooth® සහ Party King ආදී පහසුකම් වලින්ද යුක්ත වෙයි.

මීට අමතරව සිංගර් සහ සෝනි එක්ව තවත් නව නිෂ්පාදනයක්ද වෙළඳ පලට හඳුන්වා දෙන ලදී.SRS-XB41, SRS-XB31 සහ SRS-XB21 EXTRA BASS වයර්ලස් ස්පීකර්ස් මෙලෙස හදුන්වා දුන් අනික් නිෂ්පාදනය වන අතර එය ප්‍රිය සාද ආදී උත්සව අවස්ථාවන් සඳහා සුදුසු නිෂ්පාදනයකි. සජීවි සංගීත රටාවන් රසවිඳිය හැකි ආකාරයට ඒවා නිපදවා ඇති අතර මෙහි ඇති "Party Booster" පහසුකම යටතේ බහු වර්ණ ආලෝක ධාරා , ස්පීකර් ලයිට්ස්, ආදී ආලෝක රටා රැසක් ක්‍රියාත්මක කළ හැකිවෙයි. ස්පීකර්ස් 100ක් දක්වා මෙමගින් ශබ්දය නිකුත් කළ හැකි අතර බ්ලූටූත් තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක කළ හැකි වෙයි. 'Deep bass" සහ "Punch bass" ආදී විවිධ ශබ්ද රටාවන් රැසක් සහිත මෙම උපාංගය EDMI, grime සහ hip-hop ආදී සංගීත රටා සඳහා ගැලපෙන ආකාරයට නිපදවා තිබේ.

මෙම ඕඩියෝ පද්ධති ශබ්දය නිපදවිය හැකි සහ පැතිරවිය හැකි ක්‍රමවේද වලින් සමන්විත වන නිසා වැඩි බලයකින් පුළුල් පරාසයක් පුරා ශබ්දය පතුරුවාලීමට හැකියාව ලැබේ. මේ අතරින් MHC-V81D මාදිලිය අංශක 360ක පරාසයක් පුරා සජීවී සංගීත රටා පැතිරවිය හැකි 360˚ LIVE SOUND පහසුකමින් සමන්විත වන අතර, MHC-V71D මාදිලිය සජීවී සංගීත අත්දැකීමක් ලබා දෙන LIVE SOUND පහසුකමින් සමන්විත වෙයි. මෙම මාදිලි දෙකම අංශක 360 ක පරාසයක් පුරා ආලෝක ධාරා විහිදුවිය හැකි විදුලි පද්ධතියකින්ද සමන්විත වෙයි. තවද ගිටාරයක් සම්බන්ධ කිරීමට මෙහි ඇති හැකියාව නිසා ගිටාරයේ ශබ්දය සඳහා වෙනම ඇම්ප්ලිෆයර් එකක් අවශ්‍ය නොවේ. තවද මෙම ඕඩියෝ පද්ධතිය පරිහරණය කරන්නන්ට DJ සංගීතය පහසුවෙන් නිපදවාගැනීමේ හැකියාව මෙහි පවතියි. හස්ත ම්‍රද්‍රාවෙන් මෙම DJ සංගීතය හැසිරවීමට හැකි වීමද මෙහි ඇති ප්‍රධානතතම විශේෂාංගයයි. දෑත චලනය කිරීමෙන් ශබ්ද එකිනෙකට මුසු කිරීම,හඩ අඩු කිරීම සහ වැඩි කිරීම ගීත ගැලපීම ආදී දේවල් සිදුකිරීමට හැකිවීම මෙහි ඇති තවත් විශේෂතාවකි. ඩ්‍රම් හි නාදය ලබාගැනීම සඳහා මෙහි TAIKO නමින් පහසුකම්කමක් තිබේ.

මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා පෙන්වා දුන්නේ සෝනි සමග එක්ව ලොව අනර්ඝතම නිෂ්පාදන, සේවා සහ අත්දැකීම් රැසක් මෙරට පාරිභෝගිකයාට තිළිණ කිරීමට හැකියාව ලැබී ඇති බවයි. මෙම අවස්ථාවේදී සෝනි විසින් ලෝකයට හඳුන්වා දුන් අසමසම විශේෂාංග රැසකින් යුතු ගෘහස්ථ ඕඩියෝ පද්ධති මෙරට පාරිභෝගික ජනයා අතර අතිශය ජනප්‍රියත්වයට පත්වනු ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. පාරිභෝගිකයාගේ කැමැත්ත පරිදි තෝරා ගැනීමට මාදිලි 6කින්ම මෙම ඕඩියෝ පද්ධති සමන්විත වීම නිසා පාරිභෝගිකයාට සිය අවශ්‍යතාවට ගැලපෙන ඕඩියෝ පද්ධතිය තෝරා ගැනීමට අවස්ථාව සැලසෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ඕඩියෝ පද්ධති සුමියුරු සංගීතයෙන් නිවස සම්පූර්ණ කරනු ඇත බවත් ඒවා ආලින්දය හරි මැද තැබූ විට සම්පූර්ණයෙන්ම ප්‍රිය සාදයක ස්වරූපය ගන්නා බවද ඒ මහතා කීය.

MHC-V81D, MHC-V71D සහ MHC-V41D ආදී මාදිලි ප්‍රිය සාදයක් සඳහා අවශ්‍ය සංගීත රටා වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ඕඩියෝ පද්ධතියක් වන අතර "Fiestable" නැමති ඇප් එක ඔස්සේ ඔබේ ප්‍රිය සාදය සමාජ මාධ්‍ය ඔස්සේ ලොවටම පෙන්විය හැකි අතර එහි ශබ්දය බ්ලූ ටූත් තාක්ෂණය මගින් අදාළ උපාංග වෙත ලබාගෙන එම සුපැහැදිලි ශබ්දව සමග එම ප්‍රිය සාදය ලොවටම දකින්නට අවස්ථාව සලසා දෙයි. Wireless Party Chain via Bluetooth නැමති මෙම තාක්ෂණික පහසුකම යටතේ ශබ්ද පද්ධති 50ක් පමණ එකිනෙකට සම්බන්ධ කර ගැනීමේ අවස්ථාව පවතී. එමෙන්ම සාදයට සහභාගි වී සිටින ඕනෑම අයෙකුට සිය ස්මාර්ට්ෆෝනය උපයෝගී කරගනිමින් තමන්ට කැමති ගීතයDJ රිද්මයට ගැලපෙන වාදනය කිරීමේ හැකියාව හිමිවෙයි.

සෝනි ඉන්ටර්නැෂනල් (සිංගප්පූරු) සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ශාඛා ප්‍රධානි ජස්ටින් වොන්ග් මහතා පෙන්වා දුන්නේ සිය පාරිභෝගිකයින් වෙත නව ඕඩියෝ අත්දැකීමක් තිළිණ කිරීමට අවස්ථාව හිමිවීම පිළිබඳ සතුටට පත්වන බවයි. මෙම ඕඩියෝ පද්ධති වල ඇති විශේෂතා පාරිභෝගිකයා පුදුමයට පත්කරනු ඇති බවත් එහි ඇතුළත් තාක්ෂණික උපාංග පාරිභෝගිකයා වෙත උපරිම තෘප්තිමත් භාවයක් ලබා දෙනු ඇති බවත් පෙන්වා දුන්නේය.

සිංගර් සමාගම පුළුල් පරාසයක සෝනි ඕඩියෝ උපාංග රැසක් අලෙවි කරයි. headphones, wireless speakers, mp3 players, high-resolution audio, audio systems, digital voice recorders, boomboxes, raidos, portable Cd players, home theaters systems සියලුම සෝනි ඕඩියෝ උපකරණ වසරක වගකීමේ සහතිකයක් සමග සිංගර් ප්ලස්, සිංගර් මෙගා, සිසිල් වර්ල්ඩ්, සහ දිවයින පුරා සිංගර් අලෙවි නියෝජිතයින්ගෙන් ලබාගත හැකිය.

සිංගර් :ශ්‍රී ලංකා- සමාගම දිවයිනේ විශාලතම පාරිභෝගික සහ ඛෙදාහැරීම් ජාලය පවත්වාගෙන යමින් දිවයින පුරා 420 කට අධික ප්‍රදර්ශනාගාර සහ 600 කට අධික නියෝජිත අලෙවි සැල් ජාලයක් පිහිටුවා තිබේ. අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවා ජාලයක් පවත්වාගෙන යන අතර පොලී රහිත පහසූ ගෙවීම් ක්‍රම, විශේෂ මිල අඩු කිරීම්, අලෙවි වට්ටම්, නොමිලේ දීමනා, ක්‍රෙඩිට් කාඩ් දීමනා ආදී වශයෙන් පාරිභෝගික පහසුව සඳහා නම්‍යශීලී පහසුකම් රැසක් ද පවත්වාගෙන යයි. මෙම විශිෂ්ට සේවාව පදනම් කරගනිමින් අඛණ්ඩව වසර 12ක් තිස්සේ "ශ්‍රී ලාංකීය ජනතාවගේ සන්නාමය" යන සම්මානයෙන් ද සිංගර් නාමය පිදුම් ලබා තිබේ.

සෝනි කෝපරේෂන් ඕඩියෝ , වීඩියෝ, ක්‍රීඩා, සන්නිවේදන, තොරතුරු තාක්ෂණ ආදී නිෂ්පාදන රැසක් පාරිභෝගිකයින් සහ වෘත්තිය වෙළඳපළ වෙත පිරිනමයි. සංගීතය, ඡායාරූප,පරිගණක, වින්දනාත්මක සහ අන්තර්ජාල ආදි ව්‍යාපර වල නිරත සෝනි කෝපරේෂන් ලෝකයේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික් සහ රසවින්දන සමාගම වෙයි. සෝනි කෝපරේෂන් හි වාර්ෂික වෙළෙඳ පිරිවැටූම 2018 වසරේ මාර්තු 31 වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 77 ක් විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top