Oct 06, 2018

CameraLK හි ‘Image Expo 2018’ හා සෝනි ඇල්ෆා උළෙල (ඡායා)

ශ්‍රී ලංකාවේ විශාලතම කැමරාකරණ සහ ඩිජිටල් උපාංග අලෙවිකරු වන CameraLK විසින් සංවිධානය කරන ‘Image Expo 2018’, ශ්‍රී ලංකාවේ විශාලතම කැමරාකරණ උපාංග ප්‍රදර්ශනය 2018 ඔක්තෝම්බර් 5 වන දා සිට 7 වන දා දක්වා BMICH හි ‘මිහිකත මැදුර’ පරිශ්‍රයේදී උදෑසන 9.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්විණි.

මෙම Image Expo 2018 හරහා ලෝකයේ ප්‍රමුඛතම වෙළඳ සන්නාම හා සමාගම් වල නවතම තාක්ෂණය එකම වහලක් යටදී අත්විදීමට වෘත්තීයමය මෙන්ම විනෝදාංශයක් ලෙසත් ඡාරූපකරණයේ හා වීඩියෝකරණයේ යෙදෙන්නන්ට අවස්ථාව හිමි විය. ලොව පුරා ප්‍රදර්ශනය කරන්නට යෙදුන ඉහළ පෙළේ තාක්ෂණික නිෂ්පාදන සහ ලොව හොඳම නිෂ්පාදකයින්ගේ නවතම කැමරා, කැමරා කාච, ආලෝකකරණ උපාංග, tripods සහ ඡාරූපකරණයට සහ වීඩියෝකරණයට අවශ්‍ය ඩ්‍රෝන සහ action camer ආදී බොහෝ උපාංග අත්විදීමට මෙහිදී හැකි විය. මෙයට සහභාගීවන්නන්ට තම කැමරා සිහින යථාර්ථයක් කර ගැනිමට බැංකු කිහිපයකින්ම ලබා දෙන විශ්මිත ක්‍රෙඩිට් කාඩ් දීමනා අත්විදීමටත් ප්‍රදර්ශනයේ තිබුණු ක්‍රියාකාරකම් වලින් වටිනා ත්‍යාග දිනා ගැනීමටත් අවස්ථාව හිමි වුණි.

මෙම Image Expo 2018 උළෙලේදීම ඊට සමගාමීව සෝනි ඇල්ෆා උළෙලද පැවැත්විණි. එහිදී සෝනි විසින් පුළුල් පරාසයක ඇති ඩිජිටල් රූප නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනය කිරීමට යෙදුණි. ප්‍රදර්ශනයේ පැවති 'Experience Area' හරහා ඡාරූප ශිල්පීන්ට සහ වීඩියෝ ශිල්පීන්ට සොනි හි නවතම උසස් තාක්ෂණික උපාංග අත්විදීමටත් ඒ හරහා නිර්මාණශීලී අදහස් හා දැක්මක් ඇතිකර ගැනීමටත් අවකාශය හිමි විය. එලෙසම මෙම ප්‍රදර්ශනය හරහා සොනි හි නවතම ප්‍රධාන නිශ්පාදන වන කාච රහිත කැමරා වන ඇල්ෆා A9 සහ ඇල්ෆා A7 III ද මෑතකදී ඉදිරිපත් කරන ලද A7 III හා වඩාත් අපේක්ෂාවෙන් සිටි G master Lens Sony 400mm f2.8 ද ලබා ගැනීමට මෙහිදී හැකි විය.

මෙම ප්‍රදර්ශනය හරහා ලොකප්‍රකට සන්නාම වනSony, Canon, Nikon, Sigma, Tamron, Surui, Tokina, DJI, GoPro, Profotto සහ Wescottහි උපාංග අත්විදීමටත් ශ්‍රී ලංකාවේ ඡාරූපකරණයේ හා වීඩියෝකරණයේ යෙදෙන්නන්ට අවස්ථාව හිමි විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top