මෙම නව ATM යන්ත්‍රය නිසා දැන් රාගම සහ ඒ අවට ප්‍රදේශවාසීන්ට සෑම දිනකම, දවසේ පැය 24 පුරා ඉතාමත් පහසුවෙන් මුදල් ආපසු ගැනීම ඇතුළුව තවත් සේවාවන් රැසක් ලබාගත හැකි වේ.
මෙම වසරේදී අභිමානවත් 30 වැනි සංවත්සරය සමරන සෙලාන් බැංකුව, ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් තම සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා පුළුල් වැඩසටහනක් ආරම්භ කර ඇති අතර තම දීපව්‍යාප්ත ශාඛා සහ ATM යන්ත්‍ර ජාලය තවතවත් පුළුල් කිරීමද එහි එක් පියවරකි.