Oct 16, 2018

සීනි කේස් එක ක්ලෝස් ? - ආනයන බද්ද බහියි ? Featured

Exclusive - සීනිවලට පනවා ඇති රේගු බද්ද රුපියල් 15 කින් අඩු කිරීමට අද (16) රැස්වූ ජීවින වියදම් කමිටුවේදී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

රේගු බදු අඩු කරන්නේ නම් සීනි පාලන මිලට දිය හැකි බවට සීනි ආනයනකරුවන් වැඩි පිරිසක් ඉල්ලා සිටියදී පල්ලියගොඩ ට්‍රේඩින් හා විල්සන් ට්‍රේඩින් යන සීනි ආනයනකරුවන්ගේ සමාගම්වල හිමිකරුවන් සීනි රේගු බදු අඩු නොකොට පාලන මිල ඉහල දමන ලෙස ඉල්ලා සිට ඇතැයි වාර්තා වේ.

සීනි සඳහා පනවා තිබූ රුපියල් 31ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කර නව බදු ව්‍යුහයක් හඳුන්වා දීමට පසුගිය සැප්තැම්බර් මස 17 වැනිදා මුදල් අමාත්‍යංශය විසින් පියවර ගත් අවස්ථාවේදී ද රේගු බදු වැඩිකිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රසාදයක් දක්වනු ලැබුවේ අදාළ සමාගම් හිමිකරුවන් දෙදෙනා හා පිරමීඩ් විල්මා සමාගමේ හිමිකරුවාය.

ඒ ඔවුන් සතුව ඒවන විට පැරණි රේගු බදු මිලට ගෙන්වන ලද අතිරික්ත සීනි තොගයක් සතුවීම නිසාය.

එසේම ඔවුන් මාධ්‍ය ඔස්සේද තමන් සතුව මසකට සරිලන සීනි තොග ඇති බව කියා සිටියේය.

පල්ලියගොඩ හා විල්සන්ලා සතොසට ගැහුව කළුකඩ මිල !

මේ අතර, රජය විසින් සුදු සීනිවලට රුපියල් 100ක පාලන මිලක් පනවා තිබියදී අද (16) ලංකා සතොස ආයතනයට සුදු සීනි ලබා ගැනීමට මිල ගණන් කැඳවූ අවස්ථාවේ පල්ලියගොඩ ට්‍රේඩින් හා විල්සන් ට්‍රේඩින් යන සමාගම් රුපියල් 100 ඉක්මවමින් සිය මිල ගණන් ඉදිරිපත් කර තිබූ බවද වාර්තා වේ.

රජය පාලන මිලක් ලබාදී තිබියදී එය ඉක්මවා රජයේ ආයතනයකටම මිල ගණන් ලබාදීම සම්බන්ධයෙන් එම කේෂත්‍රයේ කතා බහට ලක්ව තිබේ.

සබැඳි පුවත්
සීනි කේස් එකේ සීතල බදු යුද්ධය ! (වීඩියෝ)

සීනිවල වහපු ස්මාර්ට් කූඹියෝ !

සීනි ආනයනය අත්හිටුවීමට යයි

සීනිවල ආනයනික පිරිවැය තවත් අඩුවෙයි

සිනී මිලේ වෙනසක් නැහැ : අයුතු ලාභය රජයට !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top