Oct 23, 2018

රාජ්‍ය බැංකු දෙක කාන්තාවන් යටතට ; මහජන බැංකුවට සුජාතා : ලංකා බැංකුවට ධම්මිකා !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ සභාපතිවරුන් ලෙස කාන්තාවන් දෙදෙනෙකුගේ නම් නිර්දේශ කර ඇතැයි ජනධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව මහජන බැංකුවේ සභාපති ලෙස සුජාතා පෙරේරා මහත්මියගේ නමත්, ලංකා බැංකුවේ සභාපතිනිය ලෙස දමිතා ද සොයිසා මහත්මියගේ නමත් ජනාධිපතිවරයා විසින් නිර්දේශකර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත යොමුකර ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

කෙසේවුවද ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතාට සහාපති ධුරයෙන් ඉවත් නොවන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් දැනුම්දීමක් කර ඇතැයි නිල නොවන ආරංචිමාර්ග පවසයි.

ඒ අතර මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ දිනයේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට යොමුකර ඇත. ඔහු හෙට දිනයේ දී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ධුරයෙන් ද ඉල්ලා අස්වීමට නියමිතව ඇතැයි පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top