Oct 23, 2018

විප්ලවීය DocOnCall දැන් ලංකාවේ

සිය නවතම ජංගම දුරකථන app සේවාව වන DocOnCall හි මූලික පාරිභෝගික හඳුන්වා දීම් දැන් ආරම්භ කර තිබේ.

නව පාරිභෝගික හඳුන්වා දීමේ සමයේ දී මෙය ගාස්තු රහිත සේවාවක් ලෙසින් ක්‍රියාත්මක වේ. පාරිභෝගිකයින් හට සිය මූලික වෛද්‍ය අවශ්‍යතාවයන් සඳහා වීඩියෝ, ඕඩියෝ ඇමතුම් හා චැට් යන ක්‍රමවලින් වෛද්ය උපදෙස් ඔන්ලයින් මාර්ගයෙන් ලබා ගැනීමට මෙම ඇප් එකෙන් ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම app සේවාව භාවිතා කර ඔබටත් දැන් පහසුවෙන්ම මනා පළපුරුදු වෛද්‍යවරුන් හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය වැඩිදුර වෛද්‍ය හමුවීම් හා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීම්, වෛද්‍ය සහතික ලබා ගැනීම් මෙන්ම ඔබගේ ඖෂධ වට්ටෝරුව ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයටම ගෙන්වා ගැනීම කර ගත හැක.

එමෙන්ම ඔබට ඔන්ලයින් මාර්ගයෙන් ගෙවීම් කිරීමේ අවස්ථාව ද DocOnCall ලබා දේ. මෙය ඔබගේ මූලික වෛද්‍ය අවශ්‍යතාවයන් සඳහා වේගවත්ම මෙන්ම සරලම විසඳුම් ලබා දෙන ක්‍රමවේදයකි. එමෙන්ම ඔබගේ සෞඛ්‍ය සේවාවන් තවත් පහසු කරමින් ඔබගේ ඖෂධ වට්ටෝරුව නිවසටම ගෙන්වා ගැනීමේ සේවාව DocOnCall හරහා ඔබට ලැබෙනු ඇත.

වර්තමානයේ දී මෙරට වෛද්ය සේවා කර්මාන්තයේ පවතින විශාල හිඩැසක් නිසැකවම පිරිවීමට DocOnCall සමත් වී තිබේ. එහිදී ඔබ ශ්‍රී ලංකාවේ කොතනැක සිටියත් ඔබගේ මූලික වෛද්‍ය සේවාවන් කිසිදු බාධාවකින් තොරව ඉටු කර දීමට DocOnCall සැදී පැහැදී ඇත. DocOnCall හරහා ඉතා සරල පියවර 3 කින් එනම් තෝරාගැනීම, ගෙවීම හා වෛද්‍යවරුන් හා සම්බන්ධ වීම සිදුවේ. මෙමඟින් පාරිභෝගිකයින් හට ඉතා කෙටි කාලයක් තුළ දී වෛද්‍යවරයා හා සම්බන්ධ වී වෘත්තීයමය වෛද්ය උපදෙස් ක්ෂණිකව ලබා ගත හැකිවේ. අනාගතයේදී ඔබගේ මූලික වෛද්ය අවශ්‍යතා සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ඔබට තිබෙන හොඳම ක්‍රමය මෙය වනු ඇත.

උදෑසන 6.00 සිට රාත්‍රී 11.00 දක්වා ක්‍රියාත්මක වන පාරිභෝගික සේවාවක්ද DocOnCall සතු වේ. මේ වන විට Apple Store සහ Google Play හරහා DocOnCall බාගත කළ හැකිවේ. හඳුන්වා දී තිබෙන කෙටි පාරිභෝගික හඳුන්වා දීමේ සමයේ දී මෙහි ඇති නව්ය සේවාවන් නොමිලේ අත්විඳීමට හැකියාව ලැබේ. ඔබට වැඩිදුර තොරතුරු සඳහා අපගේ www.doconcall.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

“ඉතා ඉක්මනින් Online මාර්ගයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා විප්ලවීය DocOnCall ඇප් සේවාව ඔබට තිබෙන හොඳම ක්‍රමයයි. මෙම සේවාව ඉතා පහසු මෙන්ම දැරිය හැකි මිලකට ලබා දෙන්නක්. එසේම එය ඉහළම තාක්ෂණයේ හා විශේෂඥභාවයේ සංකලනයක්”, යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාගමේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.

2

3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top