Oct 24, 2018

කළුතර මල්කඩ වලට DLB වෙතින් සෙවනක් (ඡායා)

සංවර්ධන ලොතරැයි මණ්ඩලය (DLB) විසින් කළුතර දී ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් දියත් කිරීමට කටයුතු යොදා තිබුණි.

ඒ, සුවහසක් බොදු බැතිමතුන් විසින් ඉමහත් පූජනීයත්වයෙන් සලකනු ලබන කළුතර බෝධිය ඉදිරිපිට සිටින මල් වෙළෙන්දන් හට කුඩ ප්‍රදානය කරමිනි.

මෙම කුඩ මගින් ඔවුන් විසින් අලෙවි කරන තෙල්, මල් ඇතුළු දෑ සඳහා මේදින වල පවතින තද වැසි වලින් හා අධික හිරු රශ්මියෙන් වැඩි ආරක්ෂාවක් ලබාදෙනු ඇත.

මෙම අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා ඇතුළු එහි නිලධාරීන් එක්විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top