Oct 24, 2018

ලංකාව සංචාරකයින් තෝරාගතයුතුම රටක් වෙයි ! Featured

ලෝන්ලි ප්ලැනට් (Lonely planet) වෙබ් අඩවිය මඟින් සිදුකළ නවතම සමීක්ෂණයකට අනුව 2019 වසරේ දී සංචාරකයන් තෝරාගත යුතු හොඳම සහ නිස්කලංක රටවල් දහය තුළ ලංකාව පළමු ස්ථානයට පත්ව තිබේ.

එම ලයිස්තුවේ දෙවැනි තැන ජර්මනියටත්, තෙවැනි තැන සිම්බාබ්වේ වෙතත් හිමිව ඇත.

අදාළ ලයිස්තුව පහත දැක්වේ.

01. ශ්‍රී ලකාව
02. ජර්මනිය
03. සිම්බාබ්වේ
04. පැනමා
05. කජිකිස්ථාන්
06. ජෝර්දානය
07. ඉන්දුනීසියාව
08. බෙලරූස්
09. සාඔටෝම්
10. බැලීස් රාජ්‍යය

ඒ ඒ රටවලට හිමි විශේෂතා ද සඳහන් කරමින් අදාළ වාර්තාව ලෝන්ලි ප්ලැනට් (Lonely planet) වෙබ් අඩවියේ දක්වා ඇත.

එම වාර්තාවට අනුව 2019 වසරේ සංචාරක ගමනාන්ත ලෙස හොඳම නගර 10ක් ද ඔවුන් ප්‍රකාශයට පත්කර තිබේ.

01. ඩෙන්මාර්කයේ කොපර්න් හේගන්
02. චීනයේ ෂෙන්ජෙන්
03. සර්බියාවේ නොවසාද්
04. එක්සත් ජනපදයේ නියාමි
05. නේපාලයේ කත්මණ්ඩු
06. මෙක්සිකෝවේ මෙක්සිකෝ අගනුවර
07. සෙනගාලයේ ඩකා
08. එක්සත් රාජධානියේ සියැටල්
09. ක්‍රොයේෂියා සාදාර්
10. මොරොක්කෝවේ මික්නීස්

2019 වසරේ දී සංචාරය කළ හැකි හොඳම රටවල් 10 අතරට නම් කර ඇති ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝන්ලි ප්ලැනට් (Lonely planet) සංචාරක වෙබ් අඩවිය මෙවැනි සටහනක් එක්කර ඇත.
44563773 490828724769985 8256570715227029504 n

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත් ස්ථාන අළලා Lonely planet වෙබ් අඩවිය පහත දැක්වෙන අපූරු විඩියොවද ඇතුළත් කර තිබේ.

ලෝන්ලි ප්ලැනට් (Lonely planet) වෙබ් අඩවිය සහ සඟරාව 1972 වසරේ සිට සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සහ සමීක්ෂණ වල නිරත ආයතනයක්. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි මුලස්ථානය පිහිටා ඇති ලෝන්ලි ප්ලැනට් (Lonely planet) ආයතනය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරන නියෝජිත ආයතනයක් ලෙස ද කටයුතු කරමින් සිටී.

අදාළ වෙබ් අඩවිය ලෝකයේ වෙබ් අඩවි ශ්‍රේණිගත කිරීමේ පළමු 3,500ට ඇතුළත්ව පවතින එකකි.

මෙය ඇමරිකාව ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ වඩාත් ප්‍රචලිත වෙබ් අඩවියක් ලෙස හඳුන්වා දිය හැකිය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top