Oct 26, 2018

නුවරඑළියට එක්වන අලුත් සුඛෝපභෝගී හෝටලේ!

පසුගිය වසරේදී අතිසාර්ථක ලෙස එළිදැක්වුණු මහනුවර ගෝල්ඩන් ක්‍රවුන් හෝටලය අයත් ගෝල්ඩන් හොස්පිටැලිටි සමූහය විසින් සිය හෝටල් සමූහයට තවත් හෝටලයක් එක්කරගැනීමට නියමිතය.

නුවරඑළිය බඹරකැලේ ප්‍රදේශයේ අක්කර 5ක රමණීය භූමිභාගයක ඉදිකර ඇති ‘ගෝල්ඩන් රිජ්’ නම් මෙම හෝටලය මෙම වසරේ දෙසැම්බර් මාසයේ විවෘත කිරීමට එම සමාගම කටයුතු කර තිබේ.

තරු 5 හෝටලයක් ලෙස දෙස් විදෙස් සංචාරයක් අතර ඉක්මනින්ම ප්‍රචලිත වනු ඇති බව එම සමාගම අපේක්ෂා කරයි.

සුඛෝපභෝගී කාමර 65කින් යුත් මෙම හෝටලය ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක ආයෝජනයක් වන අතර, නුවරඑළිය ආසන්න ප්‍රදේශවලින් බඳවාගත් තරුණතරුණියන් 100ක් එහි කාර්යමණ්ඩලයට බඳවාගෙන තිබේ.

මෙම විවෘත කිරීම පිළිබඳව ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ කළමනාකාර අධ්‍යක්ෂක - චානුක විජේකෝන් මහතා පවසා සිටියේ නවීන පහසුකම් රැසකින් සමන්විත හෝටල් කාමර, අවන්හල හා උත්සව ශාලාව සහිත ‘ගෝල්ඩන් රිජ්’ හෝටලය නවමු අත්දැකීමක් වනු ඇති බවයි.

biz1

biz2

biz3

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top