Oct 29, 2018

ඩීමෝ වෙතින් හදිසි අනතුරු කළමනාකරණ වැඩමුළුවක්

ශ්‍රී ලංකාවේ මර්සිඩීස් බෙන්ස් සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන ඩීමෝ විසින් පසුගියදා දේශීය රක්ෂණ කර්මාන්තයේ විශේෂඥයන් සඳහා මෙරට පැවැත්වූ පළමු මර්සිඩිස් බෙන්ස් හදිසි අනතුරු කළමනාකරණය පිළිබඳ වැඩමුළුව සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගම්වල රක්ෂණ තක්සේරුකරුවන්, ඉංජිනේරුවන් සහ සාමාන්‍යාධිකාරීවරුන් හමුවේ ඩීමෝ 800 හි පැවති මෙම උත්සවය සඳහා ඩේම්ලර් හි ජ්‍යෙෂ්ඨ අනතුරු කළමනාකාර විශේෂඥ ඇන්ඩ්‍රියාස් රොයිල් විසින් පහසුකම් සලසා තිබුණි.

හදිසි අනතුරු කළමනාකරණය ආශ්‍රිත සංකීර්ණ අභියෝග සඳහා විසඳුම් සෙවීම සඳහා ආරක්ෂක අංගෝපාංග, ආරක්ෂක පහසුකම්, අලුත්වැඩියාව හා සහතික පත් ප්‍රමිති පිළිබඳ කේන්ද්‍රගත කිරීම, වැඩමුළුව පාරිභෝගිකයින්ගේ තෘප්තිමත් වීම සඳහා රක්ෂණ සමාගම් සමග එක්ව කටයුතු කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කරන ලදී.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top