Nov 01, 2018

3DH Energy Solutions වෙතින් Mersen Surge Arresters මෙරටට

අකුණු සැරින් සූර්ය PV පද්ධති ආරක්ෂා කිරීම සඳහා වන ජාත්‍යන්තර මට්ටමේ ප්‍රංශ තාක්ෂණයෙන් යුතු ආරක්ෂක උපාංගයක්

3DH International Group හා අනුබද්ධිත බලය සහ බලශක්ති විසඳුම් සපයන ආයතනය වන 3DH Energy Solutions විසින් Mersen Surge Arresters මෙරටට හදුන්වා දෙයි. මෙම හදුන්වා දීමේ උත්සවය පසුගියදාකොලඹ Movenpick හෝටලයේදී පසුගියදා පැවැත්විණ.

ප්‍රංශය කේන්ද්‍රකරගත් ලොව ප්‍රමුඛ සන්නාමයක් වන Mersen අධි වෝල්ටීයතාවයන් ආදී තත්වයන් වලදී උපාංග සහ පද්ධති වල ආරක්ෂාව තහවුරු කර දෙන ආරක්ෂක උපකරණ නිපදවයි. ඒ යටතේ 3DH විසින් හඳුන්වා දුන්මෙම Mersen Surge Arresters සූර්ය බල පද්ධති සහ විදුලි සංදේශ කුළුණු වල ආරක්ෂාව සඳහා නිපදවා තිබේ. විශේෂයෙන්ම අකුණු අනතුරු වලින් විය හැකි හානි වලින් උපාංග ආරක්ෂා කරගැනීම සඳහා මෙම Mersen Surge Arresters යොදාගනු ලබයි. අකුණු තත්වයක් ඇතිවන විට ස්වයංක්‍රියම එම පරිශ්‍රෙය් ඇති මෙම උපාංගය ක්‍රියාත්මක වී අකුණු වලින් විය හැකි හානි අවම වන ආකාරයට කටයුතු කරයි.

දිනෙන් දින විදුලි ඒකකයක මිල ඉහළ යාම හේතුවෙන් මේ වනවිට මෙරට ජනතාව සූර්ය බල පද්ධති වැනි විකල්ප බලශක්තීන් කරා යොමුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙයි. මෙරට මේ වනවිට 250 කට අධික සූර්ය බල පද්ධති අලෙවිකරන සමාගම් පැවතීම මෙම තත්වයට සාක්ෂි සපයයි. වසර පුරාවටම හිරු එළිය ලැබිය හැකි රටක් වශයෙන් පවතින බලශක්ති අර්බුදයට සූර්ය බලශක්තිය උත්පාදනය වඩා සුදුසු හා හොඳම විසදුමයි. මෙය ශ්‍රී ලංකාවේ ඕනෑමතැනකදී භාවිත කළ හැකි වීම විශේෂත්වයකි. නමුත් මෝසම් සහ අන්තර් මෝසම් වර්ෂා කාලවල මෙරට අකුණු අනතුරු බහුල වන අතර එම අකුණු අනතුරු වලින් මෙම මිලෙන් ඉහල සූර්ය බලශක්ති පද්ධති ආරක්ෂා කර ගැනීම කලකපටන් පැවති ගැටළුවකි. 3DH Energy Solutions විසින් හඳුන්වා දෙන Mersen Surge Arresters මඟින් මෙම මිලනේ ඉහළ සූර්ය බලශක්ති පද්ධති වලට අකණු සැරින් සිදුවිය හැකි හානි වලන් එය ආරක්ෂා කර දෙයි. යාවජීවවගකීමක් සහිතව Mersen Surge Arresters වෙළඳ පලට එයි.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ 3DH International Group හි සභාපති දිනුක් හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මට්ටමේ අකුණු ආරක්ෂණ පද්ධතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ලැබීම පිලිබදව සතුටටපත්වන බවයි. “ජාත්‍යන්තර ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ කොටස්කරුවෙකු වීම“ යන සිය තේමා පාඨය අනුව යමින් මෙම අනගි හඳුන්වා දීම සිදුකළ බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය. මේ වනවිට දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ සූර්යබලයෙන් බලශක්තිය උත්පාදනය කිරීමේ ප්‍රවණතාවක් දැකිය හැකි අතර බොහෝ පාරිභෝගිකයින් ඉහළ මිලක් ගෙවා සූර්ය බලශක්ති පද්ධතියක් මලදී ගත්තද අකුණු වැනි අනතුරුවලදී ඒවා ආරක්ෂා කරගැනීම ගැටළුවක්ව පැවැති බවදපෙන්වා දුන්නේය. ඊට විසඳුම් වශයෙන් හඳුන්වා දෙන Mersen Surge Arresters භාවිත කරමින් නිදහස් මනසකින් කටයුතු කිරීමට හැකියාව ලැබෙන බව හෙතෙම පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණයෙන් යුතු යාවජීවවගකීමක් සහිත Mersen Surge Arresters පරිපූර්ණ ආරක්ෂාකාරී විසඳුම් සපයන බවද ඒ මහතා පැවසීය.

නව අදහස් වලින් පිරිපුන් සිව් දෙනෙකුගේ මූලිකත්වයෙන් පුළුල් ඉලක්කයකින් ඇරඹි 3DH International Group මේ වන විට ව්‍යාපාරික ලෝකයේ ප්‍රමුඛ සමාගමක් බවට පත්ව තිබේ. වර්තමානය වනවිට මෙම සමූහය තෙල් සහ ගෑස්, ගුවන් සේවා, විදුලිබල සහ බලශක්ති, BPO, වෙළද දැන්වීම් සහ අලෙවි, ජාත්‍යන්තර වෙළඳාම, විදුලි සංදේශ, දේපළ වෙළඳාම්, රක්ෂණ , සංචාරක හෝටල් සහ තොරතුරු තාක්ෂණ යන අංශ වලට සම්බන්ධව කටයුතු කරන ව්‍යාපාරසමූහයකින් සමන්විතය.

විදුලි බල සහ උපාංග ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛ සමාගමක් වන Mersen සිය පාරිභෝගික ආයතනවල විශේෂ ඉල්ලීම් වලට අනුව විවිධ නව්‍ය උපාංග නිපදවන ප්‍රමුඛ පෙලේ ආයතනයකි. රටවල් 35ක ක්‍රියාත්මක වනමෙම සමාගමෙහි 6400 කට අධික පිරිසක් සේවය කරයි. ලොව පුරා විසිරී සිටින සිය පාරිභෝගිකයින්ට අවශ්‍ය ආකාරයේ විසඳුම් සපයන මෙම සමාගමෙහි ඇති විශේෂත්වයකි. සිය නිෂ්පාදන පෙළ අතුරින් 40% කට අධික ප්‍රමාණයක්පුනර්ජනනීය බලශක්තිය ඇතුළු තිරසර සංවර්ධනය මත පදනම්ව නිපදවන අතර බලශක්තිය අරපිරිමැස්ම ඉලක්ක කරගෙන මෙම සමාගම කටයුතු කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top