nsb
Sathosa

Nov 05, 2018

පීපල්ස් ලීසිං ‘සෙනෙහස’ට සෙනෙහස යාළු තෑගි ත් එක්වෙයි

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්ය ආයතනයක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම මෙරට දරුවන් අතර ඉතිරිකිරීමේ පුරුද්ද වර්ධනයකිරීමේ අරමුණෙන් එම සමාගමේ ‘සෙනෙහස’ ළමා ඉතුරුම් ගිණුමට දරුවන්ගේ සිත්ගන්නා තෑගි පිරිනැමීමේ වැඩසටහනක් පසුගියදා දියත් කරනු ලැබීය.

එම ප්‍රවර්ධන වැඩසටහන යටතේ වයස අවුරුදු 13න් පහළ දරුවන් සඳහා වූ ‘සෙනෙහස යාළු’ ළමා ඉතුරුම් ගිණුමක් අරඹන දරුවන්ට තැන්පත් කරන මුදලට අනුව ඔවුන්ට ඵලදායි තිළිණ ප්‍රදානය කරන අතර, රුපියල් 500, 1000, 2500, 5000, 10000, 15000 හා 25000 සඳහා පිළිවෙලින් ළමා ඉතුරුම් කැටයක්, මැජික් කැටයක්, ළමා කෑම පෙට්ටියක්, ළමා කුඩයක්, පරිගණක මවුසයක්, 32 GB මෙමරි කාඩ්පතක් හා ස්විස් ගමන් මල්ලක් පිරිනැමෙනු ඇත.

එයට අමතරව ළමා ගිණුම් සඳහා ලබාදෙන දිවයිනේ වැඩිම පොලී අනුපාතයක් ලෙස 5%ක වාර්ෂික පොලියක්ද මෙම ‘සෙනෙහස යාළු’ ළමා ඉතුරුම් ගිණුමට පිරිනමනු ලබයි. ඒ අතරම‘සෙනෙහස’ ළමා ඉතුරුම් ගිණමක් සඳහා 8% වාර්ෂික පොලියක් පිරිනැමේ.

පීපල්ස් ලීසිං සමාගම ‘සෙනෙහස යාළු’ ළමා ඉතුරුම් ගිණුම වෙනුවෙන් දියත් කළ වටිනා තිළිණ පිරිනැමීමේ ප්‍රවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ ස්ථාවර තැන්පතු හා ඉතුරුම් අංශයේ ප්‍රධාන කළමනාකරු, සමන් ලියනගේ මහතා පැවසුවේ, ‘ළමුන් අතර ඉතිරිකිරීමේ පුරුද්ද වර්ධනයකිරීම ජාතික වශයෙන් වැදගත් අවශ්යතාවක්. එහෙයින් පීපල්ස් ලීසිං සමාගම එම ජාතික කාර්යයට උරදීමක් ලෙස වරින්වර ගිණුම් ඇරඹීමට තැන්පත් කරන මුදල මත දරුවන්ගේ සිත්ගන්නා තිළිණ ප්‍රදාන වැඩසටහනක් දියත් කරනු ලබනවා. විශේෂයෙන්ම පසුගියදාට යෙදුණු ලෝක ළමා දිනය කේන්ද්‍ර කරගනිමින් හඳුන්වාදුන් මෙම ප්‍රවර්ධන වැඩසටහනට වයස අවුරුදු 13න් පහළ දරුවන් තුළ දැනටමත් කදිම උනන්දුවක් ඇතිවීම ගැන අප සමාගම සතුටට පත්වෙනවා.’ යන්නය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top