nsb
Sathosa

Nov 09, 2018

ලක්ලේන් යළි දේශීය වෙළඳපලට

සුඛෝපභෝගී සහ දර්ශනීය පෝසිලේන් භාණ්ඩ සඳහා ලොවපුරා නම් දරා ඇති දංකොටුව පෝසිලේන් පීඑල්සී මෑතකදී තම සුවිශේෂී උරුමයක් වන ගෙවන මුදලට උපරිම වටිනාකමක් ගෙන දෙන ලක්ලේන් සන්නාම නැවතත් දේශීය වෙළඳපලට හඳුන්වාදීමට කටයුතු කරන ලදී.

ඉහළ පෙළේ වෙළඳපල ආකර්ෂණය කරගත හැකි අන්දමින් නිපදවන දංකොටුව පෝසිලේන් සන්නාමය සහිත නිෂ්පාදනවල ඇති උසස් ගුණාත්මකබව එලෙසින්ම පවත්වාගනිමින් වඩාත් දැරිය හැකි මිලකට හා පාරිභෝගිකයින්ට පහසුවෙන් ලබාගතහැකි අන්දමින් හඳුන්වාදී ඇති මෙම ලක්ලේන් පිඟන් භාණ්ඩ විවිධ මෝස්තර ගණනාවකින් ලබාගත හැකිය.

දංකොටුව පෝසිලේන් භාණ්ඩ නිපදවන ISO සහතිකලත් කර්මාන්ත්ශාලාවේ එම නිපැයුම් තත්ව යටතේම ලක්ලේන් පිඟන් භාණ්ඩ නිපදවනු ලබයි. එමනිසා, මෙම පිඟන් භාණ්ඩ නිපදවන්නේ ලෙඩ් සහ කැඩ්මියම් යන අහිතකර ලෝහ රහිත සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය භාවිතා කරමින් ය. එමෙන්ම, බොහෝ දංකොටුව පෝසිලේන් නිපැයුම් හා සමානව මෙම පිඟන් භාණ්ඩ ද නිපදවන්නේ සත්ත්ව අස්ථි අළු භාවිතා නොකර වන හෙයින් ඒවා සත්ත්ව හිංසනයෙන් තොර නිපැයුම් ද වේ. පිඟන් භාණ්ඩයේ මෝස්තරය අනුව, මෙම නිනිෂ්පාදන මයික්‍රොවේව් හා පිඟන් සේදුම් යන්ත්‍රවල ද ආරක්ෂිතව භාවිතා කිරීමේ හැකියාව තිබේ.

විසිතුරු හා වර්ණවත් මල්වැල් හා ලියවැල් මෝස්තරයන්ගෙන් හැඩ ගැන්වූ සුදෝසුදු ඇත්දත් පැහැයෙන් දිදුලන පෝසිලේන් පිඟන්, තේ පෝච්චි සහ කෝප්ප පරාසයක් ඇතුළත්වන නැවත හඳුන්වාදුන් ලක්ලේන් නිපැයුම් කළඹට “Fade Pink”, “Lotata”, “Nausi”, “Pink Rose” සහ “Tulip Pink” යන අළුත්ම මෝස්තර පෙල ඇතුළත් වේ. ඒ සියළුම මෝස්තරවලින් භාණ්ඩ 6, 15 හා 24කින් සමන්විත වන පිඟන් කට්ටල් මෙන්ම භාණ්ඩ 12, 17 සහ 18කින් සමන්විත වන පීරිසි කෝප්ප කට්ටල් පාරිභෝගිකයින් වෙනුවෙන් හඳුන්වා දී තිබේ.

රු.2,800/- සිට ආරම්භවන මිල ගණන් පරාසයකින් වෙළඳපලට හඳුන්වා දී ඇති මෙම ලක්ලේන් නිෂ්පාදන පෙල දැනටමත් යුනියන් ප්ලේස්, කිරුලපන, මීගමුව සහ දංකොටුවේ ඇති දංකොටුව පෝසිලේන් ප්‍රදර්ශනාගාරවලින් ලබාගත හැකිය. එමෙන්ම දිවයින මුළුල්ලේ පැතිර ඇති දංකොටුව පෝසිලේන් සිල්ලර අළෙවි නියෝජිත ජාලයෙන් ද මෙම ලක්ලේන් නිපැයුම් මිලදී ගත හැක.

දංකොටුව පෝසිලේන් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සජීව නාරංගොඩ මහතා මෙසේ පැවසීය: ‘2000 දශකයේ මුල් භාගයේදී දංකොටුව පෝසිලේන් සමාගමෙන් මුලින්ම හඳුන්වාදුන් සන්නම වූයේ ලක්ලේන් සන්නාමයයි. සුන්දර මෝස්තර සහිත මෙම සන්නම අපගේ උරුමයක් වශයෙන් සලකන්නේ එනිසායි.’ තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නාරංගොඩ මහතා මෙසේ පැවසීය: ‘ලක්ලේන් යනු ශ්‍රී ලංකාවේ සෑම නිවසකම පාහේ හුරුපුරුදු සහ විශ්වාසවන්ත සන්නාමයක් වනවා. එමනිසා, වඩාත් පහසුවෙන් එම නිෂ්පාදන ලබාගත හැකි අන්දමිනුත්, නවීන ශ්‍රී ලාංකික වෙළඳපලට උචිත පරිදි ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලැබෙන අන්දමිනුත් මෙම සන්නාමය නැවත හඳුන්වාදෙන්නට අප විසින් කටයුතු කර තිබීම අපගේ පාරිභෝගිකයින්ගේ සතුටට හේතුවනු ඇති බව අපට විශ්වාසයි.’

‘ලෝකයේ විවිධ රටවල වෙළඳපල බෝහෝ සංඛ්‍යාවකට අපනයනය කරන ජාත්‍යන්තර සන්නාමයක් වන දංකොටුව පෝසිලේන් නම් දරා ඇත්තේ ඉහළ පෙළේ වෙළඳපලට සරිලන සන්නාමයක් වශයෙන් වන අතර එම නිෂ්පාදනවල මිලගණන් ද ඒ අනුව තීරණය වී තිබෙනවා. අපගේ දේශීය පාරිභෝගිකයින්ට දැරියහැකි මිලක් වන විකල්ප හඳුන්වාදීමට අපට අවශ්‍ය වූ තැන වසර ගණනාවක් මුළුල්ලේ අපගේ නිෂ්පාදන කළඹේ කොටසක් වූත් සැලකියයුතු වෙළඳපල වටිනාකමක් දිනාගත් විශ්වාසවන්ත සන්නාමයක් වූත් ලක්ලේන් සන්නාමය මෙසේ නැවත හඳුන්වාදීම සඳහා හොඳම තේරීම බවට පත්වූවා. අපගේ නියෝජිත ජාලය ද ඉමහත් සතුටින් මෙම නැවත හඳුන්වාදීම පිළිගෙන තිබෙනවා. නවෝත්පාදනයට මුල් තැන දෙමින් දේශීය වෙළඳපලට වඩාත් ඔබින නිපැයුම් හඳුන්වාදීමෙහි අඛණ්ඩව නිරතවීමට අපගේ ඇති ක්‍රමෝපායයට ද මෙය මනාව ගැලපෙනවා.’ යනුවෙන් Ambeon Capital PLC සහ Ambeon Holdings PLC හි සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුරලි ප්‍රකාෂ් මහතා පැවසීය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top