Sathosa

Nov 13, 2018

කපිල චන්ද්‍රෙස්නට යළිත් ශ්‍රී ලන්කන් පුටුවක්(update)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස කපිල චන්ද්‍රෙස්න මහතා පත්කර තිබේ. ඒ මහතා එම ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයාද වේ.

ඔහු ප්‍රධාන විධායක නිලධාරී ධුරය හොබවන සමයේ තවත් රාජ්‍ය ආයතනයක් වන මොබිටෙල් ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක තනතුර සහ උපදේශක යන තනතුරු දරමින් මෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේද තනතුරු දැරීම සහ ඒ හරහා මුදල් ලබාගැනීම හේතුකොට ගෙන ජනාධිපති කොමිසම ඉදිරියේ වැරදිකරුවකු බවට පත්විය.

ශ්‍රී ලංකන් සහ මිහින්ලංකා ගුවන් සමාගම්වල සිදුව ඇති බව කියන දූෂණ සම්බන්ධයෙන්ද හෙතෙම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති ලෙස කටයුතු කළ රන්ජිත් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද දින භාර දී තිබුණි.

සබැඳි පුවත්

ගෝඨාභය අද ශ්‍රී ලන්කන් කොමිසමට

නිශාන්ත වික්‍රමසිංහ හා කපිල චන්ද්‍රසේන ජනාධිපති කොමිසමට

ගෝඨා ජනාධිපති කොමිසමට කැඳවයි

රාජපක්ෂලාගේ කාලයේ ශ්‍රී ලංකන් පාඩුව බිලියන 93කට වැඩියි

'ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව සියලු තීරු බදු රහිත භාණ්‌ඩ අලෙවිය එක්‌ සමාගමකට දීලා'

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------

last update- 3.00pm

ශ්‍රී ලන්කන් සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති ලෙස කටයුතු කළ රන්ජිත් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව අද දිනයේදී ඔහු සිය ඉල්ලා අස්වීම් ලිපිය භාර දී තිබේ.

මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් වූ මනෝ තිත්තවැල්ල මහතාද පසුගිය 30 දා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මාස 6කට ආසන්න කාලයක් ඔහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති ලෙස කටයුතු කළ අතර ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත යොමුකර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top