Sathosa

Nov 16, 2018

DLB වෙතින් ආබාධිත අලෙවි සහයකයින්ට ට්‍රයිසිකල්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය (DLB) ක්‍රියාත්මක කරන විවිධ ශාරීරික ආබාධ සහිත අලෙවි සහකයින් සදහා ට්‍රයිසිකල් ලබා දීමේ වැඩසටහනේ පස්වන අදියර පසුගිය 10දා කුරුණෑගලදී ක්‍රියාත්මක විය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමග එක්ව සිටින කුරුණෑගල දිස්ත්‍රික් ආබාධිත අලෙවි සහයකින් හය දෙනෙක් සදහා එහිදී නොමිලේ ට්‍රයිසිකල් ප්‍රදානය කරන ලදී.

එම ට්‍රයිසිකල් අදාළ ආබාධිත අලෙවි සහයකින් වෙත ප්‍රදානය කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී සිදුවිය.

කුරුණෑගල දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත අචලා නානායක්කාර මහත්මියගේ සංවිධාන දායකත්වයද ඇතිව සිදුකළ මෙම සමාජ සත්කාරය සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා අලෙවි උපදේශක විජය සමරනායක මහතා ඇතුළු අලෙවි නිළධාරීන්ද සහභාගී විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top