Sathosa

Nov 21, 2018

ටාටා වාහන හිමිකරුවන්ට ගෝලීය සේවා කඳවුරක්

සිය වෙළඳ වාහන මාදිලි පෙළ සඳහා විශිෂ්ටත ම පාරිභෝගික අත්දැකීමක් ලබාදීම සඳහාවන ටාටා මෝටර්ස් දැක්ම අනුව යමින් සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු සමාගම (DIMO) ටාටා මෝටර්ස් සමාගම සමග අත්වැල් බැඳ ගනිමින් නොවැම්බර් මස 26 සිට 28 දක්වා ගෝලීය සේවා කඳවුරක් දියත් කරයි.

ටාටා ගෝලීය සේවා වැඩසටහනට සමගාමීව මෙරට මෙම කඳවුර සංවිධානය කෙරෙන අතර ඒ යටතේ සියඹලාපේ, අනුරාධපුරය, කුරුණෑගල,මහනුවර, පුත්තලම, රත්නපුරය, මාතර, ත්‍රිකුණාමලය, යාපනය, තිස්සමහාරාමය, මඩකලපුව, රත්මලාන සහ මතුගම ඇතුළු ස්ථාන 13ක පැවැත්වීමට නියමිතය.

දින තුනක් පුරා දියත් කෙරෙන මෙම පාරිභෝගික සේවා කඳවුර යටතේ පාරිභෝගිකයන් හට පරිපූර්ණ වාහන පරීක්ෂාවක් මෙන්ම, නොමිලේ ටාටා ජෙනුයින් එන්ජින් ඔයිල් මෙන්ම තවත් අගනා සේවා රැසක් හිමිකර ගැනීමේ අවස්ථාව උදාවේ. තවද, මෙහිදී ටාටා ජෙනුයින් අමතර කොටස් සඳහා ආකර්ෂණීය වට්ටම් හිමිකර ගැනීමටත් මේ සඳහා පැමිණෙන රියදුරන්ට සහ වාහන හිමිකරුවන්ට අගනා ත්‍යාග හිමිකර ගැනීමටත් හැකියාව උදාවේ. තවද මෙම සේවා කඳවුර සඳහා පැමිණෙන වාහනවලින් වැඩිම ධාවනය කර ඇති වාහන සඳහා සම්මාන පිරිනැමීමටත්, නොමිලේ වාහන දුම් පරික්ෂා කිරීමටත් කටයුතු යොදා ඇත. ටාටා වාහන හිමිකරුවන් වෙනුවෙන් තවත් අමතර සේවාවක් සැපයීම සඳහා ඩීමෝ සමාගම පාරිභෝගිකයා සිටින ස්ථානයට ම පැමිණ වාහන පරික්ෂාවන් සිදු කිරීමට ද සැලසුම් කර ඇත.

ඊට අමතරව, නව ටාටා වෙළඳ වාහන සඳහා විශේෂ මිල ගණන් පිරිනැමීමටත්, වාහන පරික්ෂා කර ටාටා මෝටර්ස් නව නිෂ්පාදන ධාවනය කර බැලීමටත් ඩීමෝ සමාගම මෙහිදී පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිකර දී ඇත. දින තුනක් පුරා පැවැත්වෙන මෙම සේවා කඳවුර අතරතුර රියදුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත. එමෙන්ම ආරක්‍ෂිත වාහන මෙහෙයුම් සහ කාර්යසාධන ක්‍රමවේද පිළිබඳ වීඩියෝ දර්ශන ද ප්‍රදර්ශනය කෙරේ. තවද, ඇස් පරික්ෂා කිරීමේ කඳවුරක් ද මීට සමගාමීව සිදු කෙරේ.

ටාටා වාහන හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ දරුවන් වෙනුවෙන් චිත්‍ර තරගයක් සංවිධානය කිරීමට ද ඩීමෝ සමාගම මෙම කඳවුරට සමගාමීව කටයුතු කරයි. මෙම තරගය සඳහා සහභාගීවන දරුවන් හට තමන් කැමති ටාටා වාහනයක රූපයක් චිත්‍රයට නගා වාහන සේවා කඳවුරට පැමිණෙන විට එය රැගෙන විත් බාරදිය හැකිය.

"ටාටා මෝටර්ස් සහ ඩීමෝ අතර සබඳතාව 1961 වසරේ පටන් ශක්තිමත්ව ඉදිරියට ගමන් කරනවා. ආර්ථික, පාරිසරික සහ සමාජ ඒකාබද්ධතාව සඳහාවන ටාටා සමූහයේ තිරසර ප්‍රතිපත්තිය ඩීමෝ සමාගමේ ද මෙහෙයුම් ක්‍රියාවලියට ඇතුළත්ව තිබෙන බැවින් එම සබඳතාව තවදුරටත් බලාත්මක වනවා. ටාටා මෝටර්ස් ගෝලීය සේවා කඳවුර ටාටා මෝටර්ස් ලොව පුරා දියත් කරන තිරසර පාරිභෝගික සේවා වැඩසහනක් වනවා. මෙම සේවා කඳවුර සඳහා සහභාගී වෙමින් තම වාහන පරික්ෂා කර ගනිමින් නත්තල් සහ නව අවුරුදු සමය වෙනුවෙන් වාහන අලුත්වැඩියා කර ගන්නා මෙන් අප අපගේ වටිනා පාරිභෝගික ජනතාවට ආරාධනා කර සිටිනවා. තවද මෙය අපගේ පාරිභෝගිකයන් හට අප සැලසුම් කර ඇති නවීනත ම පහසුකම් සහ ප්‍රතිලාභ අත්විඳීමටත් මනා අවස්ථාවක් වන බව අපගේ විශ්වාසයයි" යනුවෙන් ඩීමෝ සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේය.

සියලු ම පාර්ශ්වකරුවන් හට සහයෝගය ලබාදෙමින් සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ඩීමෝ සමාගම නිබඳව කැපවන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙරට ආර්ථිකය සඳහා සමාජ වගකීම මැනවින් ඉටුකරන සමාගමක් ලෙස කීර්තිමත් නාමයකට හිමිකම් කියන ඩීමෝ සමාගම මෙම තුන්දින ගෝලීය සේවා කඳවුර ක්‍රියාත්මක කළ බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

"2016 වසරේදී ආරම්භ කෙරුණු ගෝලීය සේවා කඳවුර ටාටා මෝටර්ස් සමාගම විසින් දියත් කරන ලද ඉතා සාර්ථක වැඩසටහනක් වනවා. පසුගිය වැඩසටහන් දෙක තුළ අපට පාරිභෝගික සේවා ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කිරීමට හැකි වුණා. මෙමගින් අපගේ පාරිභෝගිකයන්ගේ වාහන සේවා අවශ්‍යතා සපුරාලීමට මෙන්ම අපගේ අගනා පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමටත් අනගි අවස්ථාවක් උදා වුණා. මෙම වැඩසටහනේ තුන්වන අදියර මෙලෙස දියත් කිරීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටුවන අතර පාරිභෝගික ජනතාවට සවන් දෙමින් අපගේ සන්නාමය තවදුරටත් ශක්තිමත් කිරීමටත් අප නිබඳව කැපවනවා" යනුවෙන් ටාටා මෝටර්ස් සමාගමේ වෙළඳ වාහන අංශයේ ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රධානී රුද්‍රරුප් මෛත්‍රා මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකේය ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලන වඩාත් පරිපූර්ණ වෙළඳ වාහන පෙළක් පිරිනමන ටාටා මෝටර්ස් සමාගම ශ්‍රී ලංකාවේ අංක1 වෙළඳ වාහන සන්නාමය වෙයි. පුළුල් ගෝලීය අත්දැකීම් සම්භාරය සමග එම සමාගම ශීඝ්‍රයෙන් වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවලට අනුකූලව සිය සේවා පිරිනමයි. පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් ඔස්සේ ටාටා මෝටර්ස් සමාගම සිය නිෂ්පාදන, විකුණුම් සහ සේවා ජාලය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව ආයෝජන සිදුකරයි.

DSC 8090

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top