Nov 28, 2018

NSB බැංකුවට නව සභාපතිවරයෙක්

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (NSB) නව සභාපති ලෙස මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වන ආර්.එම්.පී. රත්නායක පත්කර තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන රත්නායක මහතා වසර 25ක් පමණ රාජ්‍ය සේවයේ නිරත වී සිටියි.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා මහජන බැංකුවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස සේවය කර ඇති එම මහතා, තවත් රාජ්‍ය ආයතන රැසක උසස් නිලතල ගණනාවක් හොබවා ඇත.

මේ වන විට ඔහු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top