Sathosa

Dec 02, 2018

ඩිලන්තගේ ඩිලංගෝ ටැක්සි සේවය ඇරඹෙයි

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ගේ ප්‍රධානත්වයෙන් ‘ඩිලංගෝ’ නමින් ශ්‍රී ලංකාවේ නවතම කුලී රථ සේවාවක් දැන් ආරම්භ කර තිබේ.

මුලින් කොළඹ හා ඒ අවට මහජනතාවට මෙම ටැක්සි රථ සේවාවේ සහාය ලබාගත හැකි වන අතර, නුදුරේදී දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ව්‍යාප්ත කරන බව ඩිලන්ත මාලගමුව මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඩිලංගෝ ටැක්සි සේවය පිළිබඳ කරුණු දැක්වීම සඳහා කොළඹ ගලධාරී හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක් වූ ඒ මහතා මෙසේද පැවසීය :

“ ශ්‍රී ලාංකික අනන්‍යතාවය විනීත රියදුරන් ගෙන් සපිරි ටැක්සි රථ සේවයක් ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම බලාපොරොත්තුවක් තිබුණා... මේ මගින් මගේ ජනතාවට විශ්වාසදායී හා ආරක්ෂාකාරී සේවයක් ලබාදීම අපේ අරමුණයි. සේවාවට සියලුම රියදුරන්ට විනීතභාවය සුරැකීම, මගියාගේ විශ්වාසය සුරැකීම පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා... ඒ වගේම ලාභයෙන් 20%ක් වසර අවසානයේ රියදුරන්ට නැවත ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. තව 10%ක් ‘ලිට්ල් හාට්ස්’ ව්‍යාපෘතියට පරිත්‍යාග කරනවා. මාත් මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට ආවේ ගොඩක් දුක් විඳලා ජාත්‍යන්තර තරග වලට යන්න තවමත් විශාල මුදලක් වැය වෙනවා... මේ මගින් ඒ සඳහාත් අනුග්‍රහයක් ලබන ගමන් ආර්ථික වශයෙන් ගැටලු තිබෙන ක්‍රීඩකයන්ටත් අනුග්‍රහයක් දක්වන්න බලාපොරොත්තු වෙනවා.”

Dilantha Taxi 1

Dilantha Taxi 2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top