Dec 04, 2018

හච්, එටිසලාට් මෙරට මෙහෙයුම් කටයුතු ඒකාබද්ධ කරයි

පසුගිය 30දා සිට ටිසලාට් සමූහය විසින් එටිසලාට් ලංකා සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය හච් ලංකා) සමාගමට අලෙවි කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන හචිසන් හෝල්ඩිංග්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ "2018 අප්‍රේල් මස 26 වනදා නිකුත් කරන ලද නිවේදනය ප්‍රකාරව 2018 නොවැම්බර් මස 30 වන දින Emirates Telecommunications Group Company PJSC (එටිසලාට් සමූහය) එටිසලාට් ලංකා සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය Hutchison Telecommunications Lanka (හච් ලංකා) සමාගමට අලෙවි කර," ඇති බවයි.

"මේ අනුව CK Hutchison Holdings Limited Group හට හච් ලංකා සමාගමේ 85%ක බහුතර කොටස් හිමිකාරිත්වය සහ පූර්ණ පරිපාලන අධිකාරීත්වය හිමිවන අතර එටිසලාට් සමූහයට එහි 15%ක කොටස් හිමිකාරීත්වය හිමිවනු," ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top