Sathosa

(වමේ සිට) SME Finance Forum  හි ප්‍රධාන විධායක නිලධාරී මැතිව් ගැම්සර් මහතා, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ විධායක උප සභාපති (කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බැංකු සේවා) බණ්ඩාර ජයතිලක මහතා සහ ස්පාඤ්ඤයේ කර්මාන්ත සහ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සම්බන්ධ ලේකම් රාවුල් බ්ලන්කෝ දියාස් මහතා (වමේ සිට) SME Finance Forum හි ප්‍රධාන විධායක නිලධාරී මැතිව් ගැම්සර් මහතා, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ විධායක උප සභාපති (කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බැංකු සේවා) බණ්ඩාර ජයතිලක මහතා සහ ස්පාඤ්ඤයේ කර්මාන්ත සහ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සම්බන්ධ ලේකම් රාවුල් බ්ලන්කෝ දියාස් මහතා
Dec 05, 2018

Global SME Finance Awards හි දී නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට සම්මාන

පසුගියදා ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරදී පැවති Global SME Finance Awards හිදී සම්මානයකින් පිදුම් ලැබීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමත් විය.

එහිදී ලොව පුරා බැංකු සහ මූල්‍ය ආයතන 100 කට අධික සංඛ්‍යාවක් අතරින් ‘වසරේ විශිෂ්ටතම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සේවා බැංකුව - ආසියාව’ යන කාණ්ඩය යටතේ විශිෂ්ටතම බැංකු 5 අතරට පැමිණීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට හැකියාව ලැබිණි. නැගී එන වෙළඳපොළවල පෞද්ගලික අංශය පිළිබඳව අවධානය යොමුකරන විශාලතම ගෝලීය සංවර්ධන ආයතනය වන 'International Finance Corporation' හෙවත් IFS මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී.

මෙම සම්මාන උළෙල සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව නියෝජනය කරමින් එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ විධායක උප සභාපති (කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බැංකු සේවා) බණ්ඩාර ජයතිලක මහතා සහභාගී විය. මෙම අවස්ථාවට ලොව පුරා රටවල් 80 ක ආයතන 275 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් 675 කට අධික පිරිසක් සහභාගී වූ අතර මෙහිදී කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම සහ, තාක්ෂණය, නියාමනය සහ හවුල්කාරීත්වයන් යන අංශ වල නව්‍යකරණයන් ඔස්සේ එම ව්‍යාපාර ක්ෂේත්‍රය අවිධිමත් ආර්ථිකයක සිට විධිමත් ආර්ථිකයක් වෙත අනුගත කිරීම යනාදී අංශ ආවරණය කෙරිණි. ජාත්‍යන්තර මූල්‍ය ආයතන නියෝජිතයන්, ප්‍රමුඛ පෙළේ ආයෝජකයන්, මූල්‍ය තාක්ෂණ ආයතන වල නියෝජිතයන් සහ සංවර්ධන බැංකු වල නියෝජිතයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදී.

"නව්‍යකරණය ඔස්සේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල උන්නතියට විශාල දායකත්වයක් දක්වන සේවාවන් හඳුන්වා දෙමින් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගත් මූල්‍ය ආයතන සහ මූල්‍ය තාක්ෂණ ආයතන ඇගයීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණයි. මෙවැනි ජාත්‍යන්තර සම්මාන උළෙලකදී ඇගයීමට පාත්‍ර වීමට හැකිවීම අපට විශාල ගෞරවයක්,” බණ්ඩාර ජයතිලක මහතා පැවසී ය.

"හුදෙක් මූල්‍ය සේවාවන් සැපයීමෙන් නොනැවතී අපගේ ගනුදෙනුකරුවන් සමග සමීපව සම්බන්ධ වෙමින්, වගකීම් සහගත බැංකුවක් ලෙස කටයුතු කිරීම නිසා අපට මේ ජයග්‍රහණය හිමිවී තිබෙනවා. මෙම ව්‍යාපාර වල තිරසාර වර්ධනයට අවශ්‍ය වන මගපෙන්වීම් හා තොරතුරු ඔවුන් වෙත ලබාදීමට අප සෑම විටම සූදානම්. සම්මන්ත්‍රණ මාලාවන් වැනි වැඩසටහන් ඔස්සේ මේ ආකාරයට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දැනුවත් කරමින් ඔවුන්ට නොසිතු තරම් වේගයකින් දියුණුව කරා යාමට අප දොරටු විවර කර දී තිබෙනවා. දැනුම හා අත්දැකීම් බෙදාහදාගනිමින් එක්ව වර්ධනය කරා පියවර නැගීමට හැකි පදනමක් නිර්මාණය කිරීමට මේ ඔස්සේ අපට හැකියාව ලැබුණා. මේ උත්සාහයන් තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට යාමට මේ සම්මාන අපට තවතවත් ධෛර්යය සපයාවි.” ජයතිලක මහතා වැඩිදුරටත් පැවසී ය.

'Business Today' සඟරාව විසින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 30 අතරට නම්කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මූල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වා දී ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික සේවාව සම්බන්ධයෙන්ද විශාල ප්‍රසාදයක් දිනා සිටී. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල් බැංකුව වන FriMi හඳුන්වා දෙන ලද්දේද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 93 ක් විවෘත කර ඇති අතර ATM යන්ත්‍ර 137 ක්ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේ වනවිට එම බැංකුව මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර 23 ක්ද ස්ථාපිත කර ඇති අතර Lanka Pay ජාලය ඔස්සේ තවත් ATM යන්ත්‍ර 3,500 කට අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධ වී සිටී.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top